English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඔප්පු කළොත් ඉවත් වෙනවා !
බොදුබල සේනාව හෝ වෙනත් එවැනිම සංවිධාන සමඟ තමන්ගේ කිසියම් හෝ සම්බන්ධතාවයක් ඇති බවට නැගෙන චෝදනා රාජ්‍ය ආරක්‍ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රතික්‍ෂේප කළේ යැයි වාර්තා වෙයි.

තමන් එවැනි සංවිධාන සමඟ මොනයම් හෝ සම්බන්ධතාවයක් ඇතැයි ඔප්පුකර පෙන්වුවහොත් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට ඬේලි මිරර් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි.

”බොදුබල සේනා සංවිධානයත් එක්ක මගේ කිසිම ගනුදෙණුවක් නැහැ. මේ සංවිධානත් එක්ක මම කෙසේවත් සම්බන්ධතාවක් පවත්වලා නැහැ. මේවා සියල්ලක්ම පදනමක් නැති චෝදනා. මම හැමවිටම කියන්නේ, ඇතැම් මුස්ලිම් දේශපාලනඥයෝ සහ විපක්‍ෂයේ දේශපාලනඥයෝ පිරිසක් තමයි මා වෙත දෝෂාරෝපණය කරන්නේ. අවසානයේදි ජනමාධ්‍යයත් ඒ දේම කළා. මොනවදා එයාලාට එහෙම කියන්න තිබෙන සාධක ? හරිම කණගාටුදායකයි, මිනිස්සු කිසිම පදනමක් නැති , සාධක නැති ලිපි ලියනවා! ඒක හරිම වැරදි සහගතයි. මේ සියල්ලක්ම නිවරැුදියි කියලා විදෙස් මාධ්‍ය විශ්වාස කරනවා.”යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කර ඇත.

බොදුබල හෝ ඒ හා සමාන වෙනත් සංවිධාන සමගින් තමන්ගේ ඇති සම්බන්ධතාවක් ගැන ඔප්පුකර පෙන්නුවහොත් සිය තනතුරින් වහා ඉවත්වන බව ප‍්‍රකාශකර ඇති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, සිය ජනාධිපති සොයුරා ආරාධනා කළහොත්, ඒ  ඕනෑම අවස්ථාවකදි දේශපාලනයට පිවිසෙන බවත් දැනට එම ධුරයන් හොඹවන දේශපාලඥයින්ට වඩා තමන්ට එම කාර්යයන් ඉතා මැනවින් ඉටුකරන්නට හොඳින් හැකියාව ඇතැයි ද ප‍්‍රකාශකර ඇත.   




2014-07-01
Advertisement

Find us on Facebook