English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මෛත‍්‍රි පාලනයක් කරා යන්නට සුදානම් යැයි කියනා ඒ මහතා !

"නියතවම ජයගන්නා මා දින 100ක් තුල විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වෙනවා." යැයි කොළඹ නව නගර ශාලාවේ සිට ප‍්‍රකාශ කළේ 2015 වසරේ දි පවත්වන්නට සුදානම් වන ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා ලෙසට තරග බිමට පාතබන ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයාය.  

නොඉවසිල්ලෙන් රටේ බහුතරය විමසිලිමත් වුයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමඟ කරට කර තරග කරන්නට පෙරමුණට පැමිණෙන දේශපාලනඥයා කවුරුන්ද යන්න දැනගන්නටයි. එය දැන් තීන්දුවී හමාරය. ආගම දහම ද සංස්කෘතිය ද ආර්ථීකය ද දේශපාලනය ද යන සියලූ පද්ධතීන් ජඩවී පචවී සහ කොටින් ම සුළු පිරිසකගේ සුඛ විහරණය සඳහා අවැසි පරිදි සකසුරුවම් වී ඇති අවාසනාවන්ත කාලපරිච්ඡ්දයකදි ඒ යුගය නිමකරන්නට අති විශාල වු යෝධ පිම්මක් ගෙන, ඉදිරි ජනාධිපතිවරණයේදි රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පොදු අපේක්‍ෂකයා වන්නට ඉදිරිපත් වීම රජරට "මෛත‍්‍රිපාල සිරිසේන",  මෛත‍්‍රිපාල සිරිසේන මහතා යනුවෙන් (දැනට) ආමන්ත‍්‍රණය කරන්නට සුදුසුය. එය පෙර අත්දැකිම් මෙන් වෙනස් නොවේවා කියා, ජරා ජීර්ණ නොවේවා කියා, අධම නොවේවා කියා, වර්තමානයේදි ප‍්‍රධාන පුරවැසියාගේ නම ඇසුනත්  "ආපෝ" යැයි කියන තත්ත්වයකට ඔබ නම් පත්නොවේවා කියා පුරවැසියෝ ප‍්‍රාර්ථනා කරති. ඔබට ජය පතති.

අද දහවල් මෛත‍්‍රිපාල සිරිසේන නම ඇසුණු පොලොන්නරුවේ ජනතාව පමණක් නොව අනෙකුත් ගම්බද නගරබද ජනතාව ද සිය සතුට ප‍්‍රකාශ කිරීමට රතිඤ්ඤා පත්තුකර ජය ගී ගයා ප‍්‍රිති ප‍්‍රමෝද වුහ.

නව නගර ශාලාවේ සිට මාධ්‍යට අදහස් දක්වමින් මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ "එක පවුල්ක් විසින් රටේ සියල්ල පාලනය කරන බවත් දුෂණය රජවෙලා අයුක්තිය අසාධාරණය ඉතා බරපතල ලෙසට ක‍්‍රියාත්මක වන බවත් නිතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති බවත් අධිකරණය ඛේදවාචකයක් වී ඇති බවත් පොලිස් සේවය පිරිහී ඇති බවත් සමස්ත රට ම සොදුරු ආඥාදායකත්වයකට ගමන්කරන බවත් පැවසු මෛත‍්‍රිපාල සිරිසේන මහතා, මේ තත්ත්වය වෙනස් කිරිම සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍යේ මැති ඇමතිවරු රාශියක් තීරණය කළ බව පැවසීය.

තමන් පොදු අපේක්‍ෂකයා ලෙසට තෝරාගත් එක්සත් ජාතික පක්‍ෂය, ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු අනෙකුත් සියලූ හිතවතුන්ට ඉමහත් ලෙස ස්තුතිවන්ත වන බව ප‍්‍රකාශ කළ මෛත‍්‍රිපාල සිරිසේන මහතා සියලූම ආරක්‍ෂක අංශ ප‍්‍රධානින්ගෙන් ඉල්ලා සිටියේය.

-MMP




2014-11-21
Advertisement

Find us on Facebook