English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලෝක ධිවර දිනය හෙට කොළඹ දී !

"මහ මුහුද සහ මහ පොළොව කොල්ලකෑම නවතමු"  ප‍්‍රධාන තේමාවකොට ගත් ජාතික ධිවර සහයෝගීතා ව්‍යාපාරයේ (නැෆ්සෝ) 18 වන ලෝක ධීවර දිනය හෙට (නොවැ 21) කොළඹදී පවත්වනු ලබයි.

ඉඩමි භුක්තිය හා සුළුපන්න ධීවර කර්මාන්තය සඳහා වු ජාත්‍යන්තර මාර්ගෝපදේශනය ක‍්‍රියාත්මක කරමු යැයි ඔවුන් මෙදින ඉල්ලා සිටින්නට සැරසෙයි.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ‍්‍රී ලංකාවෙි නියෝජිතයින් මෙදින ධිවර දිනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසට පැමිණෙනු ඇති බවත්, ලංකාව පුරා විසිරි සිටින ජාතික ධීවර සහයෝගිතාවයේ දිස්ත‍්‍රික්ක සංවිධාන 15ක ධිවර ජනතාවත් අනෙකුත් සහෝද සිවිල් සමාජ සංවිධාන නියෝජිතයොත් ලෝක ධිවර දිනය සැමරීමට හෙට දිනයේදි කොළඹට ඒකරාශි වන බව ජාතික ධිවර සහයෝගීතා ව්‍යාපාරයේ උතුරු දකුණු සංවාධයේ සමිබන්ධීකාරක ඇන්තනි ජේසුදාසන් අයිතියට ප‍්‍රකාශ කළේය. 

ධිවර, ගොවි, වනාන්තර හා පරිසරය ආරක්‍ෂාවත් , සංවර්ධනයත් උදෙසා ඉදිරිපත් කරනු ලබන මෙවලමි සහිත කෘති දෙකක් ද මෙදින එළිදක්වන බවත් ඔහු ප‍්‍රකාශ කළේය.
 
හෙට පෙරවරු 10 යේ සිට පස්වරු 2 කයි තිහ දක්වා කොල්ලුපිටිය සී එමි යු ශාලාවෙිදි ලෝක ධීවර දිනය පවත්වන්නට කටයුතු සුදානමි කර ඇතැයි ජාතික ධිවර සහයෝගීතා ව්‍යාපාරය සඳහන්කරයි.

ලෝක ධීවර දිනයට සමගාමිව, සුළුපන්න ධීවර ජනතාවගේ ඉල්ලීමි රැගත් පෝස්ටර් ව්‍යාපාරයක් ද අද දවස පුරා දියත් කළේය.


-MMP



2014-11-20
Advertisement

Find us on Facebook