English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද ?
ජනාධිපතිතුමා, මුස්ලිම්වරුන්ගේ විනාශවු දේපල ප‍්‍රතිසංස්කරණ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙයි. එහෙත්, අන්තවාදීන් මුස්ලිම්වරුන්ගේ දේපල, උන්හිටි තැන් සහ රැකියා ස්ථාන විනාශ කිරීමේදි නොසිටි යුධ හමුදාව, යළි ගොඩනැඟීම් කාර්ය භාරයට කුමකටදැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අසයි.  

පසුගිය දිනවල දී අලූත්ගම හා බේරුවල ප‍්‍රදේශවල උද්ගතවුණු කලබල සමගින් නාදුනන පිරිස් විසින් සිදුකළ විනාශයේ සුන්බුන් ඉවතදමා යළි ගොඩනැගිම් හා ප‍්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිතුමාගේ අණ මත ශ‍්‍රි ලංකා යුධ හමුදාව විසින් සිදුකරන අතර එම කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා ඊයේ (ජුනි 30) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම ප‍්‍රදේශවල නිරීක්‍ෂණ චාරිකාවක නිරතවු බව රජයේ තොරතුරු අමාත්‍යංශය වාර්තා කරයි.

පතිරාජවෙල, ධර්ගා නගරය, වරාපිටිය ,සීනී වත්ත, අලූත්ගම හා අනෙක් සෙසු ප‍්‍රදේශවල ජීවත්වන සිංහල සහ මුස්ලිම් වැසියන් ජනාධිපතිතුමා විසින් මුණගැසුණු බවත්, කන්දෙ විහාරයේ දි බෞද්ධාගමීක වතාවත් වලට සහභාගි වු බවත් විහාරයේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය බටුවන්හේනේ බුද්ධරක්තිත ස්වාමින්වහන්සේ සමඟ සුහද සාකච්ඡුාවක නිරත වු බවත් සඳහන් කරයි.

පන්සලේ පැවති ආගමීක වතාවත්වලට සහභාගි වු ජනතාව සමඟ ද ජනාධිපතිතුමා  කථාබහා පවත්වා ඇති අතර මෙම නිරීක්‍ෂණ චාරිකාවට රෝහිත අබේගුණවර්ධන මහතාත් රාජිත සේනාරත්න මහතාත් සමඟින් මේජර් ජෙනරාල් උභය මැදවෙල ද සහභාගිවුයේ යැයි සඳහන් කරයි.  
 
එහෙත්, සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ගැටුම් වැළැක්වීම වෙනුවෙන් යොදා නොගත් ආරක්‍ෂක හමුදාව, ගැටුමෙන් හානි වු දේපොළ ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් යොදා ගැනීම උචිත නොවන බව, විනාශයට පත්වු එම ප‍්‍රදේශවල පසුගිය දා මාධ්‍ය සංචාරයක යෙදුණු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර අයිතියට ප‍්‍රකාශ කළේය.

”දවසින් දවස ගිලගනිමින් යන මිලිටරීකරණයේ එක ප‍්‍රතිඵලයක් තමයි මේක. මේ ආරක්‍ෂක හමුදාවන් යොදවන්නට තිබුණේ ගැටුම නවත්වන්නයි. එහෙම නැතිව ඒ මිනිස්සුන්ව විනාශකරලා නැවත ඒවා ගොඩනගන්න නෙවෙයි. පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවක්, පුනරුත්ථාපන අධිකාරියක් තිබෙනවා ඒ කටයුතුවලට. ඒ වගේම විවිධ අමාත්‍යංශ තිබෙනවා. ඇත්තෙන්ම එවැනි ආයතන හවුල්කර නොගෙන, ආරක්‍ෂක අංශ යොදා ගැනිම මෙි ප‍්‍රදේශ  ද මිලිටරිකරණයට යොමුකරවිමක් වෙනවා.”යැයි සුනිල් ජයසේකර වැඩිදුරටත් අයිතියට ප‍්‍රකාශ කළේය.





2014-07-01
Advertisement

Find us on Facebook