English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරණය ද ? පාප් ගමන ද ? --- 3


පාප්වහන්සේගේ ශ‍්‍රි ලංකා ගමන ස්ථීර බවත් එම ගමන එළඹෙන ජනවාරි මාසේ 13 වන දින දී ආරම්භ වන බවත් ශ‍්‍රි ලංකාවේ කතෝලික සභාව දැනුම්දි ඇත. එදිනට දින 10යකට පෙර එනම් ජනවාරි 03වන දින වන විට ජනාධිපතිවරණය පවත්වා අවසන් කරන ලෙසට රජයේ ඉහළ පෙළේ නිළධාරීන් කිහිප දෙනෙකු ඉල්ලා ඇති බවත් එ්තුළ මැතිවරණ දෙපාර්තමේන්තුව මහත් අර්බුදයකට පත්වී ඇති බවත් වාර්තා වෙයි.

මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්‌වරයා තම නිලධාරීන් කැඳවා උපදෙස්‌ ලබාදී මූලික ක්‍රියාමාර්ග ගත්තද, කෙටි කලක්‌ ඇතුළතදී ජාතික මැතිවරණයක සියලු කටයුතු සිදුකළ නොහැකි බව ඔවුන් කොමසාරිස්‌වරයාට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

වසර අවසානයේ උත්සව සමයක්‌ බැවින් රජයේ නිලධාරීන් කැඳවීම අසීරු බවද ජාතික මැතිවරණයකදී කළ යුතු රාජකාරි කටයුතු අති විශාල බැවින් ඒවා හදිසියේ සිදු කළ නොහැකි බව නිලධාරීන් දැනුම්දීම නිසා මැතිවරණ කොමසාරිස්‌වරයාද අපහසුතාවයට පත්ව ඇති බවද පැවසේ.
-MMP



2014-11-19
Advertisement

Find us on Facebook