English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුවෙන් ඉවත්වීම ජනපතිට දෙන උපන්දින තෑග්ගක් - ජාතික හෙළ උරුමය

ආණ්ඩුවේ හිඳිමින් දැරු සියලූම තනතුරුවලින් ඉවත්වීමට ජාතික හෙළඋරුමය දේශපාලන පක්‍ෂය ගනුලැබූ තීරණය, සිය 69 වැනි උපන්දිනය සමරණ ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ලබාදෙන උපන්දින ත්‍යාගයක් බව ජාතික හෙළ උරුමය කියා සිටියි.

ජාතික හෙළ උරුමය පක්‍ෂයේ නායක  ඕමල්පේ සෝභිත හිමි මාධ්‍ය අමතමින් "අද ඉතාම වැදගත් සුවිශේෂී දවසක්. ඒ ගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපන්දිනය. පළමුවෙන්ම මේ අපේ නායකත්ව මණ්ඩලය වෙනුවෙන්ම මා කැමතියි , ජාතික හෙළ උරුමය වෙනුවෙන් ම ගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ට ශූභ උපන්දිනයක් වේවා කියන ප‍්‍රාර්ථනාව තබන්න! ඒ එක්කම අපි සුදානම් වෙනවා එතුමන්ට දුර දිග දක්නා ආකාරෙයෙන් මෙලොව පරලොව දෙකේම දියුණුව සඳහා වන රටෙත් ජාතියෙත් සාසනයේත් සියල්ලේම යහපත සඳහා වන උපන්දින තෑග්ගක් පිරිනමන්නට අපේ හිතවත් ගරු ජනාධිපතිතුමන්ට." කීහ.

තවදුරටත් අදහස් දැක්වු ඒ හිමි කියා සිටියේ ඒ උපන්දින ත්‍යාගය අපි පිරිනමන්නේ බුදුරජාණන්වහන්සේගේ උපදෙස් පරිදි, කල්යාණ මිත‍්‍රයෙකු හැටියට වරද පෙන්වා දෙන්න, කල්යාණ මිත‍්‍රයෙකු හැටියට නිවරැදි දේ අගය කරන්න, සැගවී තිබෙන නිධානයක් පාදා දෙන්නා සේ කල්යාණ මිත‍්‍රයා කියන අදහස දරාගෙනයි. එයින් තමයි යමෙකුට දියුණුවක් ඇතිවන්නේ. ඒ නිසා අද දවසේ මෙසේ ඉදිරිපත් කරන තීරණය රට වෙනුවෙනුයි. ජාතිය වෙනුවෙනුයි. සාසනය වෙනුවෙනුයි. සමස්ත ප‍්‍රජාව වෙනුවෙන්, සිංහල දෙමළ මුස්ලිම් ක‍්‍රිස්තියානි හින්දු මේ සියලූම ආගමීක ජන වර්ග හැම එකටම පොදුවේ යහපත වෙනුවෙන් ගනු ලබන තීන්දුව තමයි අද මේ මගපෙන්වීමක් හැටියට කරන්නේ. ඒ නිසා අද අපි කියනවා ගරු ජනාධිපතිතුමන්ට හා රජයට මේක හතුරු හමුදාවක් විසින් කරන අභියෝගයක් නොවෙයි. මේක හිතමිතුරන් විසින් කරනු ලබන මගපෙන්වීමක් හැටියට සළකන්න කියා." යනුවෙන් පැවසුහ.

එමෙන්ම, සිය අදහස් මෙසේ ප‍්‍රකාශ කර සිටි පාඨලි චම්පික මන්ත‍්‍රිවරයාය, "අපි තීරණයකර තිබෙනවා අද සිට එනම් 2014 නොවැම්බර් 18 වෙනිදා සිට ජාතික හෙළ උරුමයේ මන්ත‍්‍රිවරයෙක් ලෙස මම මේ ආණ්ඩුවේ දැරු ඒ තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයෙනුත් ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ මන්ත‍්‍රිවරයෙක් ලෙස අපේ උයද ගම්මන්පිල මැතිතුමාත් දැරු ඒ කෘෂිකර්ම සංස්කෘතික පාරිසරික අමාත්‍යධූරයෙනුත් ඉල්ලා අස්වීමට."

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු සිය පක්‍ෂය ඉදිරිපත්කළ යෝජනාවලියට රජය දැක්වු ප‍්‍රතිචාරය පිළිබඳව කිසිසේත් සෑහිමකට පත්වන්නට නොහැකි බැවින් අද දිනදී මෙවැනි තීරණයකට එළඹෙන්නට සිදුවුයේ යැයි ජාතික හෙළ උරුමය පක්‍ෂයේ ප‍්‍රධාන ලේඛම් පාඨලී චම්පික ප‍්‍රකාශ කළේය.

මෙම තීරණය පිළබඳ අදහස් දැක්වීම සිදුකරනු ලැබුවේ, කොළඹ පුස්තකාල සහ ප‍්‍රලේඛණ සේවා මණ්ඩලයේ අද (නොවැ 18) පැවති මාධ්‍ය හමුවකදිය. 

-MMP



2014-11-18
Advertisement

Find us on Facebook