English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පිළිකාවක් මෙන් පැතිර යන රාජපක්ෂ පාලනයට තිත


නන්දන ගුණතිලක සන්ධානයෙන් ඉවත්වීම අඩුපාඩුවක් ලෙස සුළුවෙන් වත් නොදැනෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.ඊයේ (16)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කලා.නන්දන ගුණතිලකලා සන්ධානයේ ඡන්ද වලින් තනතුරු ලබා ගත් අය බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.ඔහුගේ ඉල්ලා අස් වීම සන්ධානයට කියා පානදුර නගරයටවත් නොදැනෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.එයින් සන්ධානයට කිසිදු බලපෑමක් නොමැති බවද අමාත්‍යවරයා සදහන් කලා.

ආණ්ඩුවේ දූෂණයට ,වංචාවට එරෙහිව යම් කෙනෙක් කොන්දක් ඇතිව සිට ගතහොත් ඒ අයව පක්ෂයෙන් එළවා දමා ආතල් ගැනීමට කටයුතු කරන රාජපක්ෂලාට නන්දන ගුණතිලකලා පක්ෂයෙන් ගියාට කිසිදු වේදනාවක් නැත.මක් නිසාද යත් රාජපක්ෂලාගේ පදයට වන්නම් නටන අය ඒ සදහා පුරවා ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලැබෙන නිසාවෙනි.මෙය දැන් රාජපක්ෂලා පුරුද්දක් කර ගෙන හමාරයි.යුද්ධය දිනපු ආකාරය හැමදාමත් ප්‍රකාශයට පත් කර ජනතාව ගොනාට අන්දමින් ඔවුන්ගේ දූෂණ වංචා වසා ගැනීම ආණ්ඩුවේ සාමාන්‍ය පිළිවෙතක් බවට පත්වී තිබේ.අවංක මිනිසෙක් පාලනයෙන් ඉවත්ව ගිය පසු ඩෙගා නටා රාජපක්ෂ පදයට නටන මිනිසෙක් ඒ පුරප්පාඩුව නැති කිරීමට යොදවා මුදල් ගැරීම රාජපක්ෂලා එදා සිටම අනුගනය කරන පිළිවෙලයි.

එසේම ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් සියළු කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි.ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන විට බොහෝ දේවල් සන්ධානය සපුරා ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

රාජපක්ෂලා මැතිවරණයකට සුදානම් වන්නේ අද ඊයේ සිට නොව.පසුගිය ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ සිටයි.නමුත් කණගාටුවට කරුණ වන්නේ රටේ ව්‍යවස්ථාවට පවා කොකා පෙන්නමින් නිතීය බල්ලාට යවමින් තවදුරටත් තම පුටුවේ බලය පවත්වා ගැනීමට රාජපක්ෂලා මාන බලමින් සිටීමයි.නව මුහුණු වලට තැනක් ලබා නොදෙමින් පිළිකාවක් මෙන් රාජපක්ෂලාගේ බලය අද සෑම තැනකම පැතිර යමින් පවතී.ඒ පිළිකාව සුව කිරීමට හැකියාව ඇත්තේ රටේ ජනතාවට මිස වෙන කිසිවෙකුටත් නොවන බව සදහන් කල යුතුයි.

අධිකරණය ,පොලිසිය සියල්ල තම යටතට ගෙන මැතිවරණ කොමසාරිසවරයාගේ කාර්‍ය භාරයත් තම අතට ගෙන කේන්දර වලට අනුකූලව කටයුතු කරන රාජපක්ෂලාට මෙවායේ බරපතල කම තවමත් නොදැනෙන්නේ මුදල් වලින් දෑස් අන්ධවීම නිසාවෙනි.

උපුටා ගැනීම - Lanka News alert
-MMP



2014-11-17
Advertisement

Find us on Facebook