English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රතන හිමිගේ තීරණය !

"අපි ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව අද(නොවැ 17) රැස්වෙලා ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව තීරණයක් ගන්නවා."

මෙසේ ප‍්‍රකාශ කරන පුජ්‍ය අතුරළියේ රතන හිමි, "අපේ යෝජනාවලියට ආණ්ඩුවෙන් ලැබී තිබෙන ප‍්‍රතිචාරය තමයි විශේෂයෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීම මැතිවරණයෙන් පසුව සිදුකරන බව. නමුත් ඒ පිළිතුරු ජාතික හෙළ උරුමයට තෘප්තිමත් වීමට හැකි පිළිතුරු නෙවෙයි. අපි පුන පුනා කිවු දෙයක් තමයි ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කරන්න කියලා, නමුත් එහෙම දෙයක් පෙනෙන්නට නැහැ, ඔවුන් පුන පුනා කියන්නේ මැතිවරණයෙන් පසුව ඒ දේවල් කරන බවයි. කෙටියෙන් කීවොත් අපේ ඉල්ලීම්වලට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් සාධනීය පිළිතුරක් ලැබී නැහැ." යනුවෙන් බීබීසී සංදේශය සිදුකළ සාකච්ඡවකදි ප‍්‍රකාශ කර ඇත.

ජාතික හෙළ උරුමයේ ඉල්ලීම්වලට ජනාධිපතිවරණයෙන් පසුව පිළිතුරු දෙන බව සඳහන් කරමින් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් පිළිතුරු ලිපියක් එවා ඇතැයි බස්නාහිර පළාත් සභා අමාත්‍ය උයද ගම්මන්පිල සිකුරාදා සංදේශයට ප‍්‍රකාශකර තිබුණි.

"මේ හදිසි ජනාධිපතිවරණය අපි ඉල්ලලා නැහැ. සියලූ පක්‍ෂ සාකච්ඡකරලා තීරණය කරපු දෙයක් නෙවෙයි. නමුත් ශ‍්‍රි ලංකා නිදහස්පක්‍ෂයේ එක්තරා කණ්ඩායමක අවශ්‍යතාවය මත සිදුකරන්නට තිරණය කරපු ජනාධිපතිවරණයක් බවයි මගේ නම් හැගීම." යනුවෙන් පූජ්‍ය රතන හිමි වැඩිදුරටත් සඳහන් කරයි. 

-MMP





2014-11-17
Advertisement

Find us on Facebook