English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොදු අපේක්‍ෂක අවබෝධතාවය කල් යයි - කණගාටුවක් ...... සැකයක් !

එළඹෙන ජනාධිපතිවරණයේදි විපක්‍ෂය වෙනුවෙන් තරග කිරීමට නම්කරන පොදු අපේක්‍ෂකයා සම්බන්ධව සම්මුතියට අත්සන්  තැබීම, අද සඳුදා (නොවැ 17) දිනට යොදාගෙන තිබුණමුත් එය කල්දමා ඇතැයි වාර්තා වෙයි.

මාදුළුවාවේ සෝභිත හිමිගේ ප‍්‍රධානත්වයෙන් අද කොළඹ ගලධාරි හෝටලයේදි මෙම සම්මුතිය ගිවිස ගැනීම සැළසුම්කර තිබුණ ද එම උත්සවය දින නියමයක් නොමැතිව කල්දමා ඇත.

සම්මුතිය අත්සන් කිරීමට නව දිනයක් තීරණය නොවීම පිළිබඳව නොව සම්මුතිය අත්සන් කිරීම අද දින සිදුනොකරන්නේ මන්දැයි යන්න පිළිබඳව  ස්ථිර නැති කථිකාවන් තැන තැන සිදුවෙන බවද අයිතියට වාර්තා වෙයි.

එම කථිකාවන් සංක්‍ෂිප්ත කොටගැනීමේදි, පසුගිය දවසක සෝභිත හිමියන් විසින් හදිසියේම රටේ ප‍්‍රධාන පුරවැසියා හමුවුයේ යැයි දැනගන්නට ලැබුණු අතර එම හමුවීම තුළදි සෝභිත හාමුදුරුවන්ටත් ගුලියක් ලැබිලා ද ? නැතහොත් තර්ජනයක් එල්ලවීලා ද ? නැතහොත් කශේරුව නැති ස්වයං ආකාරයේ නැඹුරුවීමක් සිදුවෙලා ද ? යන සැකය පැන නැගෙන බව තැන තැන කථාබහේ යෙදෙයි.

එසේ නැතහොත් අවංක ලෙසම පොදු අපේක්‍ෂකය හට සහය දැක්වීම පිළිබඳව ජාතික හෙළ උරුමය තවමත් නිවරැදි තීරණයකට එළඹි නැති නිසා දැයි තවමත් කථීකාවක් සිදුවෙමින් පවතියි.

මාධ්‍ය වාර්තා කළ අන්දමට, පසුගිය බදාදා කොළඹ දී පැවති විපක්‍ෂයේ ඒකාබද්ධ රැළියෙන් පසුව සෝභිත හිමියන් එක්වනම රටේ ප‍්‍රධාන පුරවැසිය හමුවීම ත් ඉන් අනතුරුව රෝහල්ගත වී ඇතැයි වාර්තාවීමත් අතර කණගාටුදායක නැතහොත් සැකසහිත යමක් කියැවෙනු ඇතිදැයි යනුවෙන් ද පුරවැසියන්ගේ කථා බහා සිදුවෙමින් පවතින බවත් වාර්තා වෙයි.  

-MMP



2014-11-17
Advertisement

Find us on Facebook