English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණය හාස්‍යයට ලක්කළා – අපි ජනතා අධිකරණයට යනවා



තුන්වෙනි වතාවටත් ජනපති ධුරය සඳහා තරඟ කළ හැකිදැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම මෙන්ම ඒ ඉල්ලීම ඉටු කිරීමට අධිකරණය එකඟවීමේ සමස්ත ක්‍රියාවලිය රටේ නීතිය සහ අධිකරණ සම්ප්‍රදායය අභිබවා යන්නක් බවත් එය සමස්ත අධිකරණ ක්‍රියාදාමය හාස්‍යයට ලක් කරන්නක් බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යළිත් වතාවක් තරඟ කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පළ කොට තිබෙන මතය පිළිබඳව මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කිසිසේත්ම තීන්දුවක් නොවන නමුත් ඒ සමඟම අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවස්ථාව ඇහිරී තිබෙන බවත් එයට එරෙහිව ජනතා අධිකරණය ඉදිරියට යන බවත් හිටපු අගවිනිසුරු සරත්ද සිල්වා මහතා පවසයි.

“ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් ඉන්නේ විනිශ්චයකාරයො දහ දෙනයි. දැන් විනිශ්චයකාරයො දහ දෙනාම යම්කිසි මතයක් ප්‍රකාශ කරලා තියෙනව. එතකොට කිසියම් පුරවැසියෙකුට අධිකරණය හමුවට යාමේ අවකාශය අවහිර වෙලා තියෙනවනේ.”

එබැවින් මේ අවනඩුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියට ගෙනයාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයට විරෝධය පළකරන තමන් ඇතුළු කණ්ඩායම් ඉදිරියේ තිබෙන එකම විකල්පය බව සරත් නන්ද සිල්වා මහතා සඳහන් කරයි.

“මොකද ජනතාවට තමා ස්වෛරී බලය තිබෙන්නේ මේ රටේ, ජනතාවට තමා අධිකරණ බලයත් තියෙන්නේ. ඉතින් අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් විශ්වාසයක් නැත්නම් අපිට මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න තියෙන්නේ ජනතාවට.”

මෙවැනි ගැටලුවක් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීම පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති බවත් හිටපු අගවිනිසුරුවරයා පැවසීය.

උපුටා ගැනීම-Lanka Focus
-MMP



2014-11-12
Advertisement

Find us on Facebook