English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මහින්දට 3 වරක් අදහසක් පමණයි – තීන්දුවක් නොවේ!

ජනාධිපතිවරයාට තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිය යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන්නේ අර්ථ විග්‍රහයක් පමණක් බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් නොවන බවත් අධිකරණ ක්ෂේත්‍රයේ නීති ප්‍රවීණයෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරයා නීති විරෝධීව ජනාධිපතිවරණයක් කැඳවීමේ සූදානමක් පවතින බවටත් නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති බවටත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා,ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඇතුථ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් පසුගිය කාලයේ ප්‍රබල තර්කයක් මතුකරනු ලැබීය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ නීති විරෝධි ජනාධිපතිවරණයක් පිළිබදව මෙන්ම මහින්දට තෙවරක් බෑ යන සටන් පාඨ පෙරමුණු කර ගනිමින් රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වමින් පුථල් පෙරමුණක් නිර්මාණය කිරීමෙහිලා නිරතව සිටී.

රට තුළ නිර්මාණය වී ඇති නීතිවිරෝධී ජනාධිපතිවරණය එරෙහි මතය යටපත් කරගැනීමට ජනාධිපතිවරයා විසින් පසුගියදා හදිසියේම අධිකරණයෙන් තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිදැයි අර්ථ නිරූපණයක් ඉල්ලා සිටියේය. ඒ අනුව පසුගිය 10 වැනි දින රැස්වූ ශ්‍රේෂ්ඨාධිකරයේ දස පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජනාධිපතිවරයාට තෙවන වරටත් තරග කළ හැකිය යන පැහැදිලි කිරීම ලබා දී ඇතැයි සභා නායක නිමල් සිරිපාල අමාත්‍යවරයා ඊයේ(11) දින පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිය හැක්කේ ජාතික වැදගත් කමක් සහිත කරුණ පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාට බලපාන කරුණක් පිළිබඳව අධිකරණයේ මතය විමසිමට ඔහුට හැකියාවක් නොමැති බවත් මෙය අධිකරණයට සිදුකරනු ලැබූ අනිසි බලපෑමක් බවත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කරනු ලැබ තිබිණි.

උපුටා ගැනීම-Lanka Focus
-MMP



2014-11-12
Advertisement

Find us on Facebook