English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනපතිට තරඟ කරන්න පුළුවන් - ශ්‍රේෂ්ඨාධිකරණය


ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වෙනි වතාවටත් තරඟ කළ හැකි යයි ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තුවේදී නිවේදනය කෙරිණ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දෙමින් සභානායක නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ, යළිත් වරක් තරඟ කිරීමට ජනාධිපතිවරයාට කිසිදු නීත්‍යානුකූල බාධාවක් නොමැති බවයි.

එමෙන්ම දෙවැනි වර තේරී පත් වී වසර හතරක් ජනාධිපති ධුරය දැරීමෙන් අනතුරුව ජනාධිපති මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.

දෙවතාවක් ජනාධිපති ධුරය හොබවා ඇති හෙයින් තෙවන වරටත් එම ධුරය සඳහා තරඟ කළ හැකි දැයි යන්න පිළිබඳව පසුගිය සතියේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටියේය.

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීමට අදාලව කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබුණු නමුත් ඒ සඳහා අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් විධායක කමිටුව සමඟ සාකච්ඡා කරන බව සංගමයේ ලේකම් අජිත් පතිරණ සඳුදා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

උපුටා ගැනීම - බීබීසි සංදේශය
-MMP



2014-11-12
Advertisement

Find us on Facebook