English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශ‍්‍රි ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය !

ශ‍්‍රී ලංකාව පාලනය වනු ලබන්නේ විධායක බලතල ඇති විධායක ජනාධිපතිවරයකු යටතේය. විධායක බලතල සීමා කිරිමට පැනවූ 17 වෙනි ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් ඉවත් කලා පමණක් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් තුළ පැවතුන විධායක ජනාධිපතිධූරය හෙබවීමේ දෙවරක කාල සීමාවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරනු ලැබීය. මේ ම`ගින් තමනට අවශ්‍ය වාර ගණනක් තර`ග කිරීමට ජනාධිපතිධූරය හෙබවූ පුද්ගලයනට හැකිවනු ඇත. විධායක ජනාධිපති ධූරය පවතින ඇමරිකා එක්සත් ජනපදය වැනි අධිරාජ්‍යවාදී රටක වුවත් යම් යම් සීමා ඇතත් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ එවැන්නක් නැත. චීනයත් ශ‍්‍රි ලංකාවත් අතර ඇති එකම වෙනස නම් ලංකාව තුළ බහු පක්ෂ ක‍්‍රමයක් පැවතීම පමණි. චීනයේ පක්ෂයක් වටා බලය ගොනුවී ඇති අතර ශ‍්‍රී ලංකාවේ බලය යම් කාණ්ඩයක් අතර ගොනුව පවතී. මේ නිසාම ශ‍්‍රී ලංකාව තුළ ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන් වෙත ලැබිය යුතු මානව අයිතිවාසකිම් ආරක්ෂා කර ගැනීම මහත් අභියෝගයකට පත්ව ඇත.

ශ‍්‍රී ලංකාව තුළ නව සංවර්ධන මාවතක් තුළින් ඇතිවන්නාවු ආර්ථික විෂමතාවයන් ජනජීවිතයන් මත රැු`දුනු ආර්ථිකය වර්තමානයේ අහෝසි වී ඇත. තේ, පොල්, රබර් මත රැු`දුන ආර්ථිකය දියවූවා පමණක් නොව ඇ`ගළුම් කර්මාන්තයෙන් ලද ආදායමද මහත්සේ සේදී යෑමකට පාත‍්‍රවී තිබේ. නව ආර්ථික රටාව අනුව වැඩි අදායමක් රටට ලැබෙනුයේ මැද පෙරදිග රැුකියා ස`දහා යන විදේශ සංක‍්‍රමණික ප‍්‍රජාවෙන්ය. ඉන්පසු මුළුමහත් බලාපොරොත්තු තබා ඇත්තේ සංචාරක ව්‍යාපාරයෙන් ස`දහාය.

රජයේ නව ආර්ථික දැක්ම තුළ ධනපති ප‍්‍රජාත්නත‍්‍රවාදය පවා අහෝසිවන බවට ලකුණු පහල වෙමින් පවතී. ආණ්ඩුවට විරුද්ධවන ධනපතියන්ගේ ව්‍යාපාරයන් රජයට පවරා ගැනීම තුළින් එම ලක්ෂණ පහළ කොට ඇත. ආර්ථික ප‍්‍රතිපත්තිය ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මලගම සනිටුහන් කරන්නක් වේ.

විශේෂයෙන්ම නව ආර්ථික රටාව ස`දහා අයෝජනකය කරනු ලබන විශාල ධනස්කන්ධය සොයගනු ලබන්නේ විදේශීය හා දේශීය වශයෙන් ගණු ලබන ණය ම`ගින්ය. බොහෝ රාජ්‍යයන් ණය ගනු ලබන්නේ නිෂ්පාදන ධාරිතාව හා සම්බන්ධව පවතින අචල විශ්වාසයෙ සහ විධිමත් සැලැස්මකට අනුවය. නමුත් ශ‍්‍රී ලංකාව තුළ ඒ ණය ආයෝජනය කරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරය මත තබා තිබෙන උපකල්පනයන් මතය. එමෙන්ම විදේශ බහුජාතික සමාගම් වලට මෙන්ම විදේශ රටවලට ශ‍්‍රී ලංකා භූමිය භාවිතයට ඉඩදීමේ ව්‍යාපෘතීන් ගණනාවක් ආරම්භකොට ඇත. මේ නිසාම ශ‍්‍රී ලංකා භූමිය පාරම්පරික පදිංචි කරුවන්ට අහිමිවීමේ තත්ත්වයක් උදා වී තිබේ. ඒ නිසා නව සංවර්ධනයේ නාමයෙන් ජනතාව අවතැන්වීමට පටන් ගෙන තිබේ. මෙම අවතැන්වීම ජන ජීවිත අවුල් කරන්නාවූ තත්ත්වයක් උදාවෙමින් සිටියි. අවතැන් වීමෙන් තමන්ට හුරුපුරුදු පරිසරය අවතැන් වනවා පමණක් නොව පාරම්පරික රැුකියා අහිමිවීම, පාසැල් අධ්‍යාපනය බි`දවැටීම, සමාජ සබ`දතා ගිලිහීයාමත් සිදුවේ. ඒ ම`ගින් සංස්කෘතිමය ඛාදනයකට හසුවන ජන පිරිසි බිහිවෙමින් පවතියි. මෙවැනි තත්ත්වයන් තුළ සාමය පමණක් නොව ජන සංහි`දියාවද විකෘති වනු ලබයි. සංවර්ධනය තුළ පුරවැසියා ගේ ජීවන තත්ත්වයන් උසස් වියයුතු වුවත් ධනපති සංවර්ධනය තුළ අතලොස්සක ගේ ලාභය උපරිම වනු විනා ජන ජීවිතය සංවර්කයන් වනු නොලැබේ.

පවත්නා ධනවාදය තුළ ජනතා සුභසාධයන් කප්පාදු වීම නොවැලැක් විය හැකි කරුණකි. පෙර පැවති සියළුම ජන සුභසාධනයන් වරත්මානයේ අහෝසිවන තත්ත්වයකට එක්ව තිබේ. ජනතාවට අයත්ව තිබූ ආහාර සහනාධාරය වර්තමානයේ දක්නට නැත. එමෙන්ම අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය සේවාවන්ද ඉතා සීඝ‍්‍රයෙන් පෞද්ගලීකරණයට ලක් වෙමින් පවතී. දැනටමත් සෞඛ්‍ය සේවන් ගෙන් සියයට පනහකට වඩා වැඩි ප‍්‍රමාණයක් පෞද්ගලික සේවාවන් විසින් පසයනු ලැබේ. රට වටා ගොඩනැංවෙන ජාත්‍යන්තර පාසැල් ජාලයෙන් සහ පාසැල් හැරයන්නන් තුළින් අධ්‍යාපනයේ අර්බුදය තව තවත් තීව‍්‍ර වනු නියතය.

ජන ජීවිතයන් මෙලෙස පළුදු වන අවස්ථාවන් තුළ ජනාතවට පැවැත්විය හැකි සාමකාමී උද්ඝෝෂණ වෙඩි හ`ඩින් නිහ`ඩ කිරීම අනිවාර්යෙන්ම ජනයා බිය වැද්දීමේ ක‍්‍රියාවලියේ කොටසක් වේ. ජන මාධ්‍යවේදීන්ට අඩම්තේට්ටම් කළ සහ මරා දමන ලද මිනීමරුවන් තවමත් පොලීසියට හසුකර ගැනීමට නොහැකි වීම තව තවත් සැක සංකා මතු කරන්නක් පමණක් නොව උද්ඝෝෂණයන් නිහ`ඩ කරනු ලබන්නක් ද වේ. මෙවැනි ජන පීඩනයක් පවතින අතර පවතිනු ලබන ආණ්ඩුව වෙත ජනයා ආකර්ෂණය කරගනු ලබන්නේ කෙසේද යන්න පිළිබ`දව සොයා බැලීම සෑම මානව හිතවාදියකු ගේම යුතුකමක් වනු නොඅනුමානය.

ආණ්ඩුව වටා ජනයා ගොනු කරගැනීම ස`දහා මුලින්ම සිංහල ජාතිවාදයක් බෞද්ධ ආගමික වාදයත් ඇතැම් කුල වාදයත් භාවිතා වන බව දක්නට ඇත. මෙයට හො`දම නිදසුන නම් කොටි ත‍්‍රස්තවාදය පරාජය කළ විට පවත්වනු ලැබූ ප‍්‍රීති උත්සව ම`ගින් තව තවත් සිංහල ජාතිකත්වය උඩනංවනු විනා කොට ත‍්‍රස්තවාදයෙනුත් යුද්ධයෙනුත් පීඩාවට පමණක් නොව අවතැන් වූ ද්‍රවිඩ ජනයා වෙත සිංහල ජනයාගේ අවධානය යොමුකිරිමට පියවර නොගන්නා ලදී. එමෙන්ම උතුරේ වැසියන් සිවිල් පාලනයක් ලබාදීමට ආණ්ඩව තවමත් අපොහොසත් වී තිබේ. ඒ නිසාම දෙමළ ජනයා ගේ විඥානය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරනු වෙනුවට තව තවත් ජාතිවාදී දිසාවට තල්ලූකරමින් සිටියි. මේ නිසා එක් පසකින් සිංහල ජනයාගේ ජාතිවාදය වර්ධනය කරන්නෙක් මෙන්ම දෙමළ ජනයා ගේ ජාතිවාදය වර්ධනය වීමට පසුබිම සකසමින් සිටියි.

 අන්තවාදී බෞද්ධ බලවේග වලට හිස එසවීමට ඉඩහැර ත‍්‍රස්ත ක‍්‍රියා කිරීම ප‍්‍රදර්ශන කිරීමට අවහිර නොකරන තත්ත්වයක් ඇතිකර ඇත. පොලීසිය විසින් කරනු ලබන ක‍්‍රියා පමණක් නොව බලහත්කාර කිරීමේ ශක්තියද පෙන්වමින් මැර රජ්‍යයක් නිර්මාණය කිරීමේ තත්ත්වය උදාකර ඇත. මේ ම`ගින් සිංහල සහ බෞද්ධ ජන ශක්තිය රජය වෙත තබා ගත හැකිවුවත් අළුයට පිපිරෙන ගිනි පුපුරු වලින් සිදුවිය හැකි භයානක ප‍්‍රතිඵල ගැන සැළකිල්ලක් දක්වන දේශපාලන ක‍්‍රියාකාරීත්වයක් දක්නට නොලැබීම ඉතා මෑතකදීම නපුරු ප‍්‍රතිඵල ගෙන දෙන්නක් වනු ඇත.

නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු වැඩි දෙනෙකුගේ මතයට අඩු පිරිස බලහත්කාරයෙන් යටත් කරගනු ලබන්නක් නොවේ. අඩු පිරිස ගේ රැුකිය යුතු මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වේ. ඒ ස`දහා ජන විශ්වාසය පවතින පොලීසිය සහ අධිකරණය අත්‍ය අවශ්‍ය සංස්ථා දෙකක් වනු ඇත. එමෙන්ම සංවර්ධන ක‍්‍රියාදාමයෙන් ජන සහභාගිත්වයෙන් යුක්තව ජන කොටස්වල වර්ධනය ස`දහා ගතයුතු වේ. ප‍්‍රජාවේ සියලූ ජනකොටස් මූලිකව කොටගත් දේශපාලන, ආර්ථික, සමාජීය පද්ධතියක් කෙරෙහි යොමුවීමට ජන බලය තුළ පළමුව විග‍්‍රහයක් ගොඩනැ`ගීම වර්තමාන අභියෝගයයි.

ශ‍්‍රී ලංකාවේ නවතම හැඩගැස්ම සම්බන්ධවද සැලකිලිමත්විය යුතුය. හමුදාකරණයේ සීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. තනාපතිවරු, ආණ්ඩුකාරවරු, විදුහල්පතිවරු පමණක් නොව සිවිල් වැසියන්ගේ නායකත්වය ගත් බොහෝ සමාජ සංවිධානවලටද හමුදාකරණය ඇතුල් වී ඇත. පොලීසියේත්, හමුදාවේත් කාර්යභාරයන් සමාන වෙමින් පවතී. උතුරේ ජන ජීවිතයට බලපාන ලද හමුදාකරණය අද දකුණටත් බලපාමින් තිබේ. හමුකරණය තුළත් ජාතිවාදය බලහත්කාරය වර්ධනය වන බව රතුපස්වල සිද්ධියෙන් මතුපිටට පැමිණි ඇත. ශ‍්‍රී ලංකාව තුළ වර්තමානයේ ගොඩනැගී ඇත්තේ මෙවන් තත්ත්වයයි.

සිිරිමල් පීරිස්  -  ජනතා සෞඛ්‍ය සංසදය
ඡායාරූප - මෙලනි මානෙල් පෙරේරා








2014-11-10
Advertisement

Find us on Facebook