English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරයාගේ නීතිමය වාසනාව උරගාබැලීම අද!
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තවත් වරක් එනම් තුන්වැනි වරටත් ශ‍්‍රි ලංකාවේ ජනාධිපතිවරයා වීමට තරග කරන්නට හැකි ද නොහැකි ද යන්න සඳහා පවතින නීතිමය පසුබිම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය, අද එනම් නොවැම්බර් 10 වෙනිදා ලබාදෙනු ඇත.

හැකි සෑම අවස්ථාවක්ම භාවිතා කරමින් කම්පියුටර් ජිල්මාට් වුව ද භාවිතා කරමින් තමන් ඡයග‍්‍රහනය කරන බවට සිය පක්‍ෂ ලේකම්වරුන්ගේ රැස්වීමකද පසුගිය දිනෙක ප‍්‍රකාශකර සිටී ජනාධිපතිතුමා, පසුව මතුව ආ යම් යම් විරෝධතා හමුවේ, 18වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තෙවන වරටත් තමන්ට ඡන්දය ඉල්ලීම සඳහා බාධාවක් පවතින්නේ  දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේය. එමෙන්ම, පසුගිය බදාදා ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම ඉල්ලීමට පිළිතුරු, එනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද දවසේදී (10දා) හෝ ඊට පෙර ලබාදෙන ලෙසටද ඉල්ලීමක් කළේය.


ඒ අනුව, අගවිනිසුරුවරයාගේ උපදෙස් පරිදි ඊට අදාළව කරුණු ලිඛිතව ඉදිරිපත්කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිවරයා විසින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශවයන්ට දැනුම්දී දෙනු ලැබිණි.

මේ සම්බන්ධයෙන් අද දවස වන විට 40කට අධික ලිඛිත කරුණු ඉදිරිපත් වී ඇති බවත් වාර්තා වන අතර, අද දිනයේදි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඉදිරිපත්වී ඇති ලිඛිත කරුණු සැළකිල්ලට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද දිනදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කුමක් වේවිද ? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිතුමා පිළිගනීවිද ?

-MMP






2014-11-10
Advertisement

Find us on Facebook