English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අපි තවමත් ආණ්ඩුවට බලකර කියාසිටින්නේ වෙච්ච පොරොන්දු ඉටුකරන්න කියලයිි - පූජ්‍ය රතන හිමි
 
"අපි දැනට ආණ්ඩුවට කියන්නේ මේ ජනාධිපතිවරණය පවත්වන්න තව අවුරුදු 2ක් කල් තියෙනවා. එතුමා පොරොන්දුවෙලා තිබෙනවා විවස්ථා සංශෝධනයක් කරන බවට. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට. අපේ යුතුකමක් තිබෙනවා අපි ජනතාවගේ ඡුන්ද අරගෙන දුන්නේ ඒ ප‍්‍රතිපත්තියට. ඒ නිසා ඒ එකඟ වෙච්ච ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවෙන්නෙ නැත්නම් එසේ කරන්න කියලා අපි ජනාධිපතිවරයාට බලපෑම්කරන්න  ඕනේ. ඒ බලපෑම්කිරීමේ උපරිම දවස අපි 12වෙනිදා තීරණාත්මක මංසන්ධියකට ගේනවා, 15වෙනිදා වෙනකොට මුළු ජාතික බලවේගම එකතුකරලා ඊළඟ පියවර එනම් මේ ආණ්ඩුව ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් එය පරාජය කරන්නේ කොහොමද කියන කථිකාවතට යොමුවෙනවා."
 
"දැනට අපේ ස්ථාවරය, ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව ලවාම මේ ප‍්‍රතිසංස්කරණය කරවා ගැනීම තමයි එකම අධිෂ්ඨානය."

"මෑතදි හෙළඋරුමය හා පැවති සාකච්ඡවේදි ජනාධිපතිවරයා පොරොන්දු වුණේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව මේ ප‍්‍රතිසංස්කරණය කරන බවයි නමුත් අපි දෙවරක් ඡන්දය ඉල්ලලා තුන්වැනි වරටත් එතුමා සමඟ දෙන්නම් කාසි වලට ඡන්දය ඉල්ලන්න අපිට සදාචාරත්මක අයිතියක් නැහැ. ඒ නිසා අපි පැහැදිළිව කියනවා මේක ජනාධිපතිවරණයට ප‍්‍රථම කරන්නේ නැතිනම් අපි ඒකට එකඟ නැහැ. එහෙම වුනොත් ජනාධිපතිවරයාව පරාජය කරන්නට අපි ක‍්‍රියාකරනවා අනිවාර්යයෙන්ම."
 
මෑතදි මාධ්‍යවල ප‍්‍රචාරය වු  ඕමල්පේ සෝභිත හිමිගේ ප‍්‍රකාශය පිළිබඳව අදහස් දැක්වු රතන හිමියන් පැවසුවේ එවැනි ප‍්‍රකාශයක් එනම් මීළඟ ජනාධිපතිවරණය සඳහා නියම සුදුස්සා මහින්ද රාජපක්‍ෂ මහතා යැයි සෝභිත හිමියන් ප‍්‍රකාශකර ඇතැයි යන්න, රතන හිමියන් දන්නා පමණින් සාවද්‍ය ප‍්‍රකාශයක් බවත්  ඕමල්පේ හිමියන් ද දරණුයේ තමන්ගේ මතය ම බවය.

නොවැම්බර් 12 සිට 15 තෙක් උන්වහන්සේලාගේ උත්සාහය වන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර, පොරොන්දු වී ඇති, පොරොන්දු ඉටුකරන්න කියා ජනබලයක් සමඟින් ආණ්ඩුවට බලපෑම් කිරීම බවත්, ඊට ද ජනාධිපතිවරයාගෙන් නිවරැදි සාර්ථක ප‍්‍රතිචාරයක්  නොලැබෙන්නේනම්, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයෙකු හට සහය දීමට සිදුවන බවත් එහෙත් තවමත් විපක්‍ෂයද එවැනි පොදු අපේක්‍ෂකයෙකු නම්කර නොමැති බැවින් එය ඉදිරි සතියේදි තීරණය කරනු ලබන බව රතන හිමියෝ පැවසූහ.

එමෙන්ම, ජාතික හෙළ උරුමය පක්‍ෂය තුළ ද යම් යම් මත ගැටුම්, පරස්පර අදහස් පවතින බව ද පෙන්වා දුන් රතන හිමයන් , එහෙත් "මේ යෝජනාවලියට එකඟ නැත්නම් ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව අපි අතර කිසිම ප‍්‍රශ්නයක් නැහැ, ඒ බව අපි පක්‍ෂ සම්මේලනයේදි පැහැදිළිවම ප‍්‍රකාශකරලයි තිබෙන්නේ." යනුවෙන් රතන හිමියන් විසින් අවධාරණයකොට ප‍්‍රකාශ කළේය.

මූලාශ‍්‍රය  - බීබීසී සංදේශය 

-MMP



2014-11-09
Advertisement

Find us on Facebook