English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බලපෑම් එපා !


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා ශ‍්‍රි ලංකා රජය සිය විරෝධය පාමින් ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි ද එම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු දක්වන පුද්ගලයින්ට බලපැම් කිරීමට උත්සාහා කිරීම සම්න්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ශ‍්‍රි ලංකාවට අනතුරු හඟවා ඇතැයි ද වාර්තා වෙයි.

විමර්ශන කටයුතු වලට සහය දක්වන පුද්ගලයින් මෙසේ නිහඬ කිරිමට දරණ උත්සාහයන් එක්සත් ජාතින්ගේ සංවිධානයට එල්ල කරන තර්ජනයන් බවට ශ‍්‍රි ලංකා රජය තේරුම් ගතයුතු යැයි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇමෙරිකානු තානාපති කීත් හාපර් ප‍්‍රකාශකර ඇත.

මේ අතර දින 03ක උඩරට දී සිදුකළ සංචාරයක් නිමකරන ශ‍්‍රි ලංකාවේ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් පවසන්නේ ශ‍්‍රි ලංකාවේ විවිධ සංස්කෘතික වාර්ගීක සහ භාෂා වෙනස්කම් පවතින බවත් , එකමුතුකම රැකගැනීම සඳහා විවිධත්වයට ගරු කරමින් එක්ව කටයුතු කළ යුතු බවත්ය.
 
එම වෙනස්කම්වල වටිනාකම් හඳුනා ගනිමින් සියළු ප‍්‍රජාවන් අතර එ්වා හුවමාරුකර ගැනීම තුළින් ස්ථාවර හා සෞභාග්‍යමත් රටක් ගොඩනැංවිමට හැකිවනු ඇති බව ද ජෝන් රැන්කින් පවසා ඇත.

-MMP



2014-11-07
Advertisement

Find us on Facebook