English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුලිය සහ ඕමල්පේ දෙකක් !
 

අතුරුලිය සහ  ඕමල්පේ යනු වචනාර්ථයෙන් ද ශබ්දය අතින් ද දෙආකාරයකිි. ඒ අනුව, එකම දේශපාලන පක්‍ෂයක සිටිය ද පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමි මේ දිනවල ඉතා උණුසුම් ව සාකච්ඡවට බඳුන්වන මාතෘකාවක් පිළිබඳව අදහස් දෙකක් පලකර ඇත.

නුදුරු අනාගතයේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව ඉතා ගැඹුරින් විවේචනාත්මකව සිදුකෙරන කථාබහා පුළුල් කරමින් "ව්‍යවස්ථා සංශෝධනයකට නොගොස් හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ක‍්‍රියාකරන්නේ නම් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල ම කරන බවට ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි අතුරලියේ රතන හිමියෝ අවධාරණය කොට ප‍්‍රකාශකරන විට, එසේ නොව, ශ‍්‍රි ලංකාවේ වත්මන් අවශ්‍යතා හඳුනාගෙන ඒවා ඉටුකළ නායකයෙකු ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යළිත් මේ රටේ නායකයා ලෙසට බලයට පත්විය යුතු යැයි" ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2009ට පෙර ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ක‍්‍රියාකළ නිසා යුග පුරෂයෙක් , ජාතික වීරයෙක් බවට පත්වී ඇතැයි  ඕමල්පේ සෝභිත හිමියන් විසින් බීබීසී සංදේශය සමඟ සිදුකළ සාකච්ඡවකදී ප‍්‍රකාශකර ඇත.

එනමුදු, වර්ථමානයේදි ජනතා අවශ්‍යතා වෙනස්වී ඇතිබවක් ගැන සඳහන් කරන  ඕමල්පේ හිමියෝ ඒ අවශ්‍යතා හදුනාගනිමින් ඒ හා සමගාමීව ක‍්‍රියාකරන්නට රාජපක්‍ෂ මහතා නම්‍යශීලී විය යුතු යැයි සඳහන්කර ඇත.

ඒ කෙසේ වෙතත්, විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝදනය කිරීම ඇතුළු ජාතික හෙළ උරුමය ඉදිරිපත්කර තිබෙන යෝජනාවලිය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති රාජපක්‍ෂ එකඟතාව පළනොකරන්නේ නම්, එවිට රටේ අවශ්‍යතාවය ප‍්‍රමුඛ කොටගෙන අවස්ථානුකුලව ගතයුතු නිසි පියවර ගැනීමට පසුබට නොවනු ඇතැයි ද  ඕමල්පේ හිමියෝ ප‍්‍රකාශකර ඇත.

එසේනම්,  ඕමල්පේ ගරු ස්වාමින්වහන්සේ අවධාරණයකර සිටින්නේ සිය පක්‍ෂයේ අවශ්‍යතාවයට (යෝජනාවලියට) කන්දුන්නොත් රාජපක්‍ෂ මහතා තෙවන වරටත් රජු කරවන බවත් එසේ නොවුනහොත් රාජපක්‍ෂ මහතා බලූකරවන බවත් ද ?

-MMP







2014-11-06
Advertisement

Find us on Facebook