English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසිය පිළිබද තිබූ විශ්වාසය කඩා වැටිලා - මානව හිමිකම් කොමිසම !

පොලිසිය කෙරෙහි තිබූ ජනතා විශ්වාසය බරපතල ලෙස කඩා වැටීමකට ලක්ව ඇති බව ශී‍්‍ර ලංකවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ අතිරේක නීති ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ වධහිංසාවට පත්වූවන්ට සහාය දැක්වීම සදහා සංවිධානය කර තිබු උත්සවයකට සහභාගී වෙමිනි.

ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට 2006 වසරේ සිට 2013 වසර දක්වා ලැබී තිබූ පැමිණිලි ප‍්‍රමාණයෙන් 86.7|% ක් ලැබී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව බවත්, වෙනත් කිසිම රාජ්‍ය ආතනයකට එරෙහිව මෙතරම් පැමිණිලි සංඛ්‍යාවක් නොලැබී ඇති බවත්, සමහර පොලිසියේ කි‍්‍රයා මාර්ග හාස්‍ය ජනක බවත් ඔහු එහි දී වැඩි දුරටත් පැවසීය.




2014-06-30
Advertisement

Find us on Facebook