English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පරීක්‍ෂණ කඩිනම්කර නීතියේ සාධාරණය ඉටුකරන්න !
2013 සැප්තැම්බර් මස 02 වෙනිදා පස්වරුවේදි "අපි පොළීසියෙන්" යැයි සිය අනන්‍යතාව සඳහන් කරමින් සුදු වැන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් අනුරාධපුර විජයපුර බෝගස අසළදී, මධුෂ්ක හරිස් ද සිල්වා යන අය පැහැරගෙන ගොස් නොවැම්බර් 04 වෙනි දිනට පුරා වසරකුත් මාස දෙකක් ඉක්මවා ගොස් ඇතිනමුත් කිසිදු ක‍්‍රමවත් පරීක්‍ෂණ කටයුත්තක් දියත් නොවීම හා එදිනට කැඳවා තිබු නඩු විභාගයද මූලික කරගනිමින් කඩිනම් පරීක්‍ෂණයක් හා යුක්තිය ඉටුකරන්න කියා ඉල්ලා සිටිමින් අනුරාධපුර නගරයේදි සාමකාමි විරෝධතාවක් පැවැත්වුණි.  

පැහැරගෙන යනු ලැබූ මධුෂ්ක හරිස් ද සිල්වාගේ බිරිඳ වන මයුරි ඉනෝකා ජයසේන විසින් ගොණුකරන ලද නඩු විභාගය දෙවන වර ඇසීම ඊයේ (නොවැ 04) දින අනුරාධපුර මහේස්ත‍්‍රාත් උසාවියේදි සිදුකිරීමට නිමිතව තිබූ හෙයින් විනිසුරුවරුන්ගේ  අවධානයට යොමුවීම සඳහා මයුරි ඉනෝකා සිය දරු දෙදෙනා සහ පවුලේ ඥාතීන් ද තමන්ගේ සහයට සිටින අනෙකුත් පාර්ශවකරුවන් ද සමගින් විනිසුරුවරුන් උසාවි භුමියට ඇතුළුවන දොරටුව ඉදිරිපස බිම වාඩිවී නිශ්ශබ්ද උද්ඝෝෂණයක යෙදිනි.

පෙරවරු 8.00 සිට පෙරවරු 9.30 තෙක් එම ස්ථානයේ සිටි පිරිස, පසුව උසාවි භුමියට ඇතුළුවන ප‍්‍රධාන දොරටුව අසළ සිට ගනිමින් යුක්තිය සාධාරණය හා කඩිනම් පරික්‍ෂණ ඉල්ලා සිටිමේ බැනර් හා සටන් පුවරු ප‍්‍රදර්ශනය කරමින් හා වාහන හා පදිකයේ ගමන්කරන මගීන් වෙත අත් පත‍්‍රිකා බෙදමින් නඩු විභාගය අවසන් වන තෙක් උසාවිය අසළ නිශ්ශබ්ද උද්ඝෝෂණයක යෙදිනි.

යුක්තිය හා සාධාරණය ඉල්ලා සිටිමින් ලිඛිත වැකි රැුගත් බැනර් හා සටන් පවුරු අත දරමින් උද්ඝොෂණයේ යෙදුණු පිරිස අනුරාධපුර පොලිස් ස්ථානය ඉදිරිපස දී ද සාමකාමි උද්ඝෝෂණයේ නිරත විය.

එහිදි, මෙම සාමකාමි උද්ඝෝෂණයට සහභාගි වු අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා විසින් පොලිස් ස්ථානය ඇතුලේ සිටිමින් සාමකාමි විරෝධතාවය නරඹමින් සිටි පොලිස් නිළධාරින් අමතා, " අපි ඉල්ලා සිටින්නේ යුක්තිය පමණයි. මධුෂ්කගේ පැහැරගැනීම සිදුකළේ පොළිසීය නොවෙයි නම්, මයුරි විසින් ඉදිරිපත්කර ඇති දිවුරුම් ප‍්‍රකාශයේ සඳහන්වන එස් එස් පී මහේෂ් සේනාරත්න ඇතුළු අනෙක් පොළිස් නිළධාරීන් පිළිබඳව කඩිනම්ව පරික්‍ෂණ කටයුතු ආරම් කරලා යුක්තිය ඉෂ්ඨ කරන්න කියලා ඉල්ලා සිටිනවා. එපමණක් නොවෙයි, ඒ තුළින් පොලීසියේ හොඳනම ද ආරක්‍ෂාකර ගන්න කඩිනමින් මේ පරීක්‍ෂණ පවත්වන්නැයි අපි ඉල්ලා සිටිනවා. ඉතාම ලැජ්ජයි පළමු නඩු විභාගය අවසන් වී මේ වන තෙක්ම කිසිම පරික්‍ෂණ කටයුතුත්තක් සිදුකිරීමට අනුරාධපුර පොළිසීයට නොහැකි වීම ගැන. නීතියට ගරුකරනවා නම් අනුරාධපුර පොළිසීයේ නිළධාරීන් කඩනමින් මයුරි ඉනෝකාගේ පැමිණිළි ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතුයි. එසේ නැතිනම් මධුෂ්කගේ පැහැරගැනීම් සම්බන්ධයෙන් හා මයුරි ඉනෝකාව පැහැරගෙන බියවද්දා අතහැරදමා යෑම සම්බන්ධයෙන් අනුරාධපුර පොළීසියට එල්ලවන චෝදනාවෙන් මිදෙන්නට නොහැකි විවි." යැයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළේය.  

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව, අපි පුරවැසියෝ සංවිධානය , ක‍්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය, විශ්වවිද්‍යාල සිසුන් සහ පුද්ගලීකව ද පිරිස එක්වී සාමකාමි නිශ්ශබ්ද විරෝධතාවය දියත් කළේය.

උද්ඝෝෂණයේ සියලූ පිංතුර සඳහා, පිංතුර තීරුව බලන්න.
සටහන සහ පිංතූර  -  මෙලනි මානෙල් පෙරේරා





2014-11-05
Advertisement

Find us on Facebook