English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලේඛනයේ සහ භාශනයේ නිදහස අපට අහිමිද?

දශක ගණනාවක් මුළුල්ලේ තමන්ට මුහුණදීමට හා අත්විඳීමට සිදු වූ නොයෙකුත් අකටයුතුකම් හා පීඩාවන් හේතුකොට ගෙන, ඊට විසඳුම් සොයනු වස් ප‍්‍රජාත‍්‍රාන්ත‍්‍රීව හා සාමකාමීව ගෙන ගිය අරගල පාලකයින් විසින් දිගින් දිගටම මර්දනය කිරීම හා බොරු පොරොන්දු දෙමින් රවටනු ලැබීමත් සමඟ උතුරේ තරුණයන්  ආරම්භ කළ සන්නද්ධ අරගලය, සාපරාධී, ඝාතක යුද්ධයක් බවට පත් වී 2009 මැයි මස මහා මිනිස් සංහාරයක් සමඟින් නිමාවට පත් විය.

    යුද්ධය නිමා වී වසර 5ක් ගත වී ඇතැයි යන නිගමනය මත සිට ලියැවෙන ලිපි හා කෙරෙන කථිකාවන් නිතර කියවන්නට හා අසන්නට ලැබේ. සටන් නැත. වෙඩි හ`ඩ බෝම්බ පුපුරණ හ`ඩ ඇසෙන්නේ නැත. ගුවනින් බෝම්බ දමන්නේ නැත. එය සැබැවකි. ඒ අර්ථයෙන් ගත් කළ යුද්ධය නිමා වි ඇත.

    එය එසේ වූවත් අරගලයට මූලික හේතු සාධක වූ පීඩාව, අසාධාරණය, වෙනස්කොට සැලකීම, මර්දනය, අවනීතිය, බලහත්කාරකම වැනි අක‍්‍රමිකතාවයන්ට විසඳුම්, පිළිතුරු ලැබී ඇත්ද? නැත. ඒ වෙනුවට එම තත්ත්වයන් වඩ වඩාත් බරපතල වී එම ජනතාව තව තවත් අසරණභාවයට හා පීඩාවට පත් කොට ඇත. බෝම්බ වෙඩි හ`ඩ නැවතුනද අවනීතිය හා දැඩි මර්දනය මඟින් දමිළයාට එරෙහිව තවත් දරුණු යුද්ධයක් දියත් කොට ඇත. අද ඔවුනට දිවි ගෙවීමට සිදු වී ඇත්තේ පෙරටත් වඩා බියෙන්, සැකයෙන් හා අවිනිශ්චිතභාවයෙන් යුතුවය. දිනපතා සිදුවන අනේකවිධ සිදුවීම් අතරින් පහත සඳහන් සිද්ධිය, උතුරේ ක‍්‍රියාත්මක වන මිලිටරි මැදහත්වීම් මඟින් එම ජනතාව මොනතරම් පීඩාවට හා මර්දනයට යටත්කොට ඇත්දැයි මොනවට පැහැදිළි කරයි.

    2006 මැද භාගයේ යුධ හමුදාව සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ ජනතාව තම ජීවිත ආරක්ෂාව පතා මන්නාරමේ තම්පනෛයින් ගමන් අරභා නිරන්තරයෙන්ම මරණයට මුහුණ දෙමින් වන්නිය හරහා ගොස් මුල්ලිවෛක්කාල් හි නතර වූහ. එහිදී තවත් දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සංහාරක යුද්ධය නිමාවිය. මෙම දිගු ගමන තුළදී ජනතාව සමඟ සිටි පූජක පැවැදි සැමට එම ඝාතක භූමියෙන් පිටවී ආරක්ෂක පෙදෙස් කරා ගමන් කිරීමට අවස්ථාව තිබුණ ද තම සහෝදර ජනතාව අත්නොහැර අවසානය දක්වාම ඔවුන් සමඟ සිටි පියතුමන්ලා හා පැවිදි සොහොයුරියන් කිහිපදෙනෙක් ද වූහ.

    ගරු. ඇන්ටන් ස්ටීවන් පියතුමා ඒ කිහිප දෙනා අතරින් කෙනෙකි. යුද්ධයක අති බිහිසුණු බව, කෲරත්වය හා සාපරාධී බව හොඳින් දන්නේ ඒ පිලිබඳ අසන්නෙකු, ලියන්නෙකු හෝ කියවන්නෙකු නොව, ඒ බිහිසුණු අත්දැකීම තුළ සිට මරණයෙන් දිවි ගලවා ගන්නෙකු පමණි. ස්ටීවන් පියතුමා යුද්ධයේ් බිහිසුණු අත්දැකීම කවියට නඟා කුඩා පොත් පිංචක් ලෙස යාපනේදී එළිදැක්වූයේ පසුගිය ජුනි 16 දායි. එය එතුමා තව කෙනෙකුගෙන් ඇසූවක් හෝ පොතපතකින් දැනගත් දෙයක් හෝ මනඃකල්පිතයක් නොවූ හෙයින් එය නම් කොට ඇත්තේ ”උයිර්පදිවු” (ජීවිත සටහන)  නමිනි.

    පොත එළිදක්වා මාස 2ක් නිමවෙනවාත් සමඟ එනම් අගෝස්තු මස අවසන් සතියේ දිනක, කොළඹ සිට ආරක්ෂක අමාත්‍යංශයෙන් එවන ලද ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ (TID) නිලධාරීන් කිහිපදෙනෙකු යාපනය රදගුරු නිවසට පැමිණ, එම පොත ලියූ පියතුමා කවුදැයි විමසන ලදි. ඉන් අනතුරුව ඔවුන් විසින් එතුමාව දීර්ඝ ප‍්‍රශ්නකිරිමට ලක් කළහ. ඉපදුනේ කොහෙද?, පෙර පාසල් ගියේ කොහෙද?, අධ්‍යාපනය ලැබූ පාසල්, 2006 සිට 2009 දක්වා යුද්ධය පැවති කාලය තුළ සිට ස්ථාන හා ප‍්‍රදේශ, 2009 මැයි මාසයෙන් පසු සිටි ස්ථාන පිලිබඳව පළමුව ප‍්‍රශ්න කෙරිණි. ඒ සමඟම පොතේ සඳහන් කරුණු ගැනද, මුද්‍රණය කළ පොත් සංඛ්‍යාව,  ඒවා මිල දී ගත් පියතුමන්ලාගේ හා අනෙකුත් අයගේ ලිපිනයන් ද ඉල්ලා සිටින ලදි. LTTE ට සහය දක්වමින් නැවතත් යුද්ධයක් ඇති කිරීමට සහාය දක්වන්නෙකු යැයි කියමින් ඔවුහූ අවසානයේ එතුමාට චෝදනා කරන ලදි. මෙම  පොත පිලිබඳව කරන ලද පළමු ප‍්‍රශ්නකිරීම, තර්ජන හා බියගැන්වීම් වුවද එය අවසානය නම් නොවීය.

    සැප්තැම්බර් 7 වෙනිදා එතුමාගේ මීසමේ එක් දේවස්ථානයක මංගල්‍යය වූ බැවින් එතුමා එහි ගොස් සිටියේය. මංගල්‍යය දිව්‍ය පූජාව නිමා වෙනවාත් සමඟම එක් තරුණයෙකු දුරකතන ඇමතුමක් මඟින් එතුමාට දන්වා සිටියේ එතුමාගේ මීසම් ගෘහය හමුදාව මගින් වටලා, එතුමා කොහේදැයි කියා විසමන බවය. එවිට එතුමා එහි සිටි ප‍්‍රධාන හමුදා නිලධාරියාට එතුමා අමතන ලෙස දන්වා, ඔහුට පැවසුවේ, තමන් සිටින දේවස්ථානයට පැමිණ එතුමාව හමුවන ලෙසය. ඉන් අනතුරුව එහි පැමිණි ඔවුන් එතුමා හමුවීමට පැමිණි හේතුව ලෙස දන්වා සිටියේ, ඉදිරි නත්තල් වැඩ සටහන පිළිබඳව සාකච්ඡ කිරීමට පලාලි හමුදා මූලස්ථානයට කැඳවාගෙන යාමට ආ බවයි. හේතුව පැහැදිලිවම එය නොවන බව අවබෝධ කර ගැනීමට ඔවුන්  සමඟ තර්ක විතර්ක කිරීමට එතුමාට අවශ්‍ය නොවීය. මංගල්‍ය දිව්‍ය පූජාවට පැමිණ සටි අනෙක් පියතුමා ඔවුනට පැවසූවේ රදගුරු නිවසේ රැුස්වීමක් පැවැත්වෙන බැවින් ප‍්‍රථමයෙන් එහි යා යුතු බවයි. ඔවුන් පැමිණි හමුදා වාහනයෙන්ම යා හැකි බව පැවසූවත්, එතුමන්ලා තමන් පැමිණි යතුරු පැදියෙන්ම රදගුරු නිවස බලා පිටත් වූ අතර, හමුදා බටයින් ඔවුන්ගේ වාහනයෙන් යතුරු පැදිය පිටුපසින් පැමිණියහ.

    පියතුමා රදගුරුතුමා හමුවීමෙන් අනතුරුව එතුමාගේ උපදෙස් පරිදි වැඩිහිටි පියතුමෙකු සමඟ පලාලි යුධ හමුදා මූලස්ථානයට ගියහ. (මෙහි අක්කර දහස් ගණනක් හමුදාව සතුකර ගැනීම නිසා මුල් පදිංචිකරුවන් තවමත් අවතැන් ව දිවි ගෙවති* මූලස්ථාන ප‍්‍රධාන මේජර් ජෙනරාල්වරයාගේ කාර්යාලයට ඇතුලූවනවාත් සමඟම ඔහුගේ දැඩි වාග් ප‍්‍රහාරයට මුහුණදීමට පියතුමන්ලාට සිදු විය. ඔබ මෙම පොත ලිවීමෙන් මුළු රටම ව්‍යාකූල තත්ත්වයකට පත් කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු බොහෝ දෙනා ඔබ ගැන කතා කරන බවත් ඒ නිසා ඒ පිළිබඳව දැන ගැනීමට කැඳ වූ බව කියමින් චෝදනා කරන්නට විය. (එතුමා හමුවීමට දේවස්ථානයට පැමිණි හමුදා බටයින්් පැවසූවේ නත්තල් වැඩසටහනක් ගැන සාකච්ඡුාවකට කැඳවීමට ආ බවයි.* එයින් නොනැවතුණු ඔහු, ඔහුගේ කිතුනු දහම අනුව (ඔහු කතෝලිකයෙකි* පියතුමා විනිශ්චය කරන්නටත් දොස් නගන්නටත් විය. ඔහුට අනුව, පොත ලිවීම මඟින් එතුමා කර ඇත්තේ පාපයකි. ඒ නිසා ඔහු පව්කාරයෙකි. මෝඩයෙකි. එතුමාට පාපොච්චාරණය ඇසිය නොහැක. ජේසු ඔබට මේ පොත ලියන්ඩ කිව්වද යනු තවත් ප‍්‍රශ්නයකි.

    මෙම පොත මඟින් ලෝකයට, ලංකාව ගැන වැරදි චිත‍්‍රයක් දී ඇති අතර අඩංගු කරුණු සාවi යයි. සිවිල් වැසියන්ට ෂෙල්, බෝම්බ ප‍්‍රහාර එල්ල නොකළ අතර කිසිදු සිවිල් වැසියෙකුදු මිය ගියේ නැත.

    ”ඔබ ඉන්නේ ඉතාමත් අවදානම් තත්ත්වයක. බලමු ඔබ කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. මම මේක අතහරින්නේ නැහැ.” යනුවෙන් අවසානයේ තර්ජනය කෙරිණි. පියතුමාට කතා කිරීමට අවස්ථාවක් දී නැත. පිළිතුරු දීමට හෝ ප‍්‍රශ්න ඇසීමට යාමෙන් පලක් නැත. තීරණය නිගමන සියල්ල ඔවුන්ගේය. ඒවා සත්‍ය වුවද, අසත්‍ය වුවද, නිවැදි වුවද, නිවැරදි වුවද සත්‍ය හා නිවැරදි ලෙස පිළිගත යුතුය. නැවතත් මෙය අවසාන ප‍්‍රශ්න කිරීම, තර්ජනය කිරීම හා බිය ගැන්වීම නොවේ. ඉන් අනතුරුවද බුද්ධි අංශයේ නිලධාරීන් දේවස්ථානයේ අවටි නිතර ගැවසෙමින් එතුමා එන යන තැන් ගැන විමසිල්ලෙන් සිටිති. මීසම් වැසියන්ගෙන් ද එතුමා ගැන තොරතුරු විමසති.

    මෙය හුදෙක් පියතුමා මුහුණදුන් පෞද්ගලික ප‍්‍රශ්නයක් නොවේ. එහෙත් අද දමිළ ජනතාව මුහුණ දී ඇති මර්දනකාරී, පීඩාකාරී හස්තයේ පිළිඹීබුවකි. මේ රට අයිති මහ ජාතියටය. ඔවුන් කියන ලෙස අන් අය ජීවත් විය යුතුය. ඔවුන් කියන දේ පිළිගත යුතුය. සිදුවන අකටයුතුකම්, අසාදාරණකම් පිළිබඳ කතා නොකළ යුතුය. ඒ ගැන කතා කිරීම, ලිවීම ත‍්‍රස්තවාදීය, දේශ ද්‍රෝහීය. ඉතින් මෙවැනි අති මර්දනකාරී පාලනයක් හා අධිපතිවාදයක් තුළ සමඟි සංධානය යනු හුදෙක් සිහිනයක්ම පමණක් නොවෙද?  

 
                                         -ගරු. ටෙරන්ස් ප‍්‍රනාන්දු පියතුමා - MMP



2014-11-02
Advertisement

Find us on Facebook