English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අනුරාධපුරයේ මයුරිව පැහැරගෙන යයි !

පසුගිය වසරේ සැප්තැම්බර් 02 වෙනිදා අනුරාධපුරයේ දි අපි පොලීසියෙන් යැයි සිය අනන්‍යතාවය පෙන්වා සිටි පුද්ගලයින් පිරිසක් විසින් අත් මංචු දමා දැස් බැඳ පැහැරගෙන යනු ලැබු මධුෂ්ක හරිස් ද සිල්වා යන අයගේ බිරිඳ වු මයුරි ඉනෝකා මහත්මියව අද එනම් නොවැම්බර් මස පළමුවෙනිදා සවස අනුරාධපුර නගරයේදි පැහැර ගෙන නොචිචියාගමදි අතහැර දමා ගොස් ඇතැයි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව අයිතියට දන්වා සිටියි.

අද පස්වරුවෙිදි මයුරි ඉනෝකා අනුරාධපුර නගරයේ සිට ත‍්‍රි රෝද රථයකින් සිය නිවෙස බලා යමින් සිටියදි ත‍්‍රිරෝද රථය නැවැත්වු පුද්ගලයෙකු විසින් පිස්තෝලයක් පෙන්වා මයුරිගේ මුව සහ දැත් දෙපා බැද වෙනත් වාහනයකට දමාගෙන පැහැරගෙන ගොස් නොචිචියාගම ප‍්‍රදේශයේදි අතහැරදමා ගොස් ඇතැයි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවෙි සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා අයිතියට පැවසීය. 

මෙි වන විට, කරදරයකින් තොරව නිරුපද‍්‍රිත ඇය නොචිචියාගම පොලීසියේ සිටින බව වාර්තා වෙයි.

මයුරි ඉනෝකා මහත්මියගේ සැමියා වන මධුෂ්ක හරිෂ් ද සිල්වාගේ අතුරුදහන්වීම පිළිබඳ නඩුව මෙි මස 04 වෙනිදා අනුරාධපුර මහේස්ත‍්‍රාත් උසාවියේදි ඇසීමට නියමිතය.

මයුරි ඉනෝකා පැහැරගෙන යාම පිළිබඳ වැඩි විස්තර ලැබුණු සැණින් !

-MMP




2014-11-01
Advertisement

Find us on Facebook