English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසියේ නීති විරෝධි ක‍්‍රියා නතර කළ හැක්කේ නීතිපතිවරයාටයි !

පොලිසිය විසින් කරනු ලබන නීති විරෝධි වැඩකටයුතු, අනිසි බලය පාවිච්චි කිරීම වෙනස් කිරීමට ශක්තිය ඇති එකම පුද්ගලයා රජයේ නීිතිපතිවරයා යැයි නීතිඥ සංගමයේ සභාපති, නීතිවේදි උපුල් ජයසූරිය මහතා ප‍්‍රකාශ කරයි.

අලූත්ගම පැවති අර්බුදය සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දක්වමින් නීතිඥ උපුල් ජයසූරිය මහතා ප‍්‍රකාශ කරන්නේ්, ශ‍්‍රි ලංකාවේ ජනවර්ග අතර සංහිඳියාව විනාශ කිරීමට පාත‍්‍රවන සි¥වීම් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට නිතිඥ සංගමය විසින් කිහිප වතාවක්ම නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, එහෙත් නීතිපතිවරයා එසේ පියවර ගත්තේ නම් අලූත්ගම හා බේරුවල හටගත් ගැටුම් වළක්වාගත හැකිව තිබුණු බවත් සඳහන් කරයි.

අලූත්ගම සිදුවීමේදි, බොදුබල සේනා සංවිධානය හෝ එහි ලේකම් ඥාණසාර හිමියන් ගැටුම්වලට අනුබල දෙන ප‍්‍රකාශ සිදු කළ බවට සාක්‍ෂි නැතැයි පොලීසිය කරන ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂේප කරන නීතිඥ සංගමයේ සභාපතිවරයා, එසේ සාක්‍ෂි නැතැයි යන ප‍්‍රකාශ නීති විරෝධි බවත් ඒ සඳහා  ඕනෑ තරම් සාක්‍ෂි මාධ්‍යවල සහ යු ටියුබ් වැනි මාධ්‍ය ජාලවල සටහන්වී තිබෙන බවත් පවසයි.    

'පොලිසියේ නීති විරෝධි පියවර වෙනස් කිරිම සඳහා  ශක්තිය ඇති එකම පුද්ගලයා තමයි රජයේ නීතිපතිවරයා. අපි බලාපොරොත්තු වෙනවා අත්අඩංගුවට ගතයුතු පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්න එතුමා පොලීසියට නියෝග කරාවි කියලා.” යැයි උපුල් ජයසූරිය මහතා ප‍්‍රකාශ කරයි.

ඡයාරූප -  අන්තර්ජාලයෙන්




2014-06-30
Advertisement

Find us on Facebook