English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණයෙන් - අහෝ රතුපස්වල !

ජීවිත තුනක් බිළිගත්, මැර ප‍්‍රහාරවලින් තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුකළ, එමෙන්ම පොලීසියේ හා හමුදාවේ කීර්ති නාමයට නරුම ලේබලය ඇලවු ,දේවස්ථාන භුමි මැර පිටි බවට පත්කළ, සාමකාමි වැලිවේරිය භීෂණයෙන් උණූසුම් කළ, රතුපස්වල ජල අර්බුදයේ නඩුවෙන් "වෙනිග්‍රොස්" සමාගම නිදහස් !

"වෙනිග්‍රොස්" සමාගම සම්පුර්ණයෙන්ම වහලා තියෙන්නේ කියලා ඒ පාර්ශවයේ නීතිඥ මහතුන් අධිකරණයට දන්වා සිටි නිසා සමාගම නඩුවෙන් නිදහස් කරන්නට අධිකරණය තීන්දු කළා. නුමත් මේ "වෙනිග්‍රොස්" සමාගමට අවුරුදු 20ක් තිස්සේ ජලය දුෂණය  කරන්නට ඉඩදී බලාගෙන හිටිය මධ්‍යම පරිසර අධිකාරියටයි ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලයටයි විරුද්ධව ඉදිරියටත් නඩු කියනවා. මොකද, සම්පුර්ණයෙන්ම මේ ජලය දුෂණය විමට ඒ ආයාතන වගකිව යුතුයි. ඒ නිසා මේ ප‍්‍රශ්නෙදි පීඩාවට පත්වෙච්ච ජනතාවක් සිටිනවා. ඒ අයට සහනයක් ලැබෙන තෙක් අපි මේ නඩුව ඉදිරියට ගෙනියනවා.” යැයි සිය නෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ප‍්‍රමිත හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළේය.
 
සිය නෑ ජලය සුරැුකීමේ සංවිධානය විසින් රතුපස්වල ජලය දුෂණය  විම සම්බන්ධයෙන් පවරා තිබු නඩුව අද(ඔක් 31) විභාගයට ගැණුනු අතර එහි ප‍්‍රධාන විත්ති පාර්ශවය වු "වෙනිග්‍රොස්" කර්මාන්තශාලාව එම නඩුවෙන් මුදාහැරීමට ශ‍්‍රී ලංකා අභියාචනාධිකරණය අද තීන්දු කළේය. සිය නෑ ජලය සුරැකීමේ සංවිධානය විසින් පවරා තිබු එම නඩුව මගින් කියා සිටියේ "වෙනිග්‍රොස්"කර්මාන්තශාලාවේ ක‍්‍රියාකාරකම් රතුපස්වල ජලය දුෂණය  කිරීමට සමත් වී ඇති බවයි.
 
"වෙනිග්‍රොස්" කර්මාන්තශාලාව රජයට අයත් ආයාතනයක් නොවන බැවින් ඊට එරෙහිව නියෝග නිකුත් කිරිමට අධිකරණයට බලයක් නොමැති බව අභියාචනාධිකරණය ඒ අනුව "වෙනිග්‍රොස්"කර්මාන්තශාලාව අදාළ නඩු විභාගයෙන් නිදහස්කරන බව දන්වා ඇත.

මෙම නඩුව යළිත් නොවැම්බර් මස 05වන දින විභාගවන අතර එම දිනයේදි නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද අභියාචනාධිකරණය විසින් මධ්‍යම පරිසර අධිකාරියට සහ ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලයට නියම කළේය.

-MMP



2014-10-31
Advertisement

Find us on Facebook