English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඡන්දය දීමෙන් වැළකී සිටින්නට තිරණය කරයි !

2015 අය-වැය දෙවන වර කියවීම හෙට සිදුවන අතර, එහිදි පළමු වටයේ ඡන්ද විමසීමේදි ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නට ජාතික හෙළ උරුමය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධන සහ දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුකළ යුතුබවට අවධාරණය කරමින් ජාතික හෙළ උරුමය රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත්කර ඇති අතර ඒ සම්බන්ධව සළකා බැලිමට දෙපාර්ශවයේ නියෝජනයෙන්  අනු කමිටුවක් පත්කර ඇතිනමුත් ඒ පිළිබඳව මේ වනතෙක් අවසන් තීරණයකට එළඹ නැතැයි වාර්තා වෙයි.

ඒ අනුව, ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය සමග සිය යෝජනා සම්බන්ධයෙන් තවමත් අවස්න තීරණයකට එළඹී නොමැති හෙයින් අය-වැය ඡන්දයේදි, ඡන්දය ප‍්‍රකාශකිරීමෙන් වැළකි සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික හෙළ උරුමය ප‍්‍රකාශ කරයි.

මේ අතර, නුදුරු අනාගතයේදි ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යැයි රාජ්‍ය බුද්ධි අංශ සේවය විසින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන්කරන බවද වාර්තා වෙයි.

-MMP



2014-10-31
Advertisement

Find us on Facebook