English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   

පාප් ගමනට ළංව ජනාධිපතිවරණයක් පැවැත්වීම කතෝලිකයන්ට කරන මහත් අපරාධයක් !

රුක්මාල් සිල්වා

පාප්වහන්සේ වතිකානයේ රාජ්‍ය නායකයාය. එතුමාට යම් රටකට යෑමට එම රජයේ බලධාරීන්ගෙන් අවසරයක් හා ආරාධනාවක් ද තිබිය යුතුය. දෙවනුව එම රටේ කතෝලික සභාවේ නායකයන්ගේ ද අනුමැතිය අත්‍යවශ්‍ය වෙයි. වත්මන් පාප්තුමාට ශ‍්‍රී ලංකාවේ සංචාරය සඳහා මෙම කරුණු දෙක ම සම්පූර්ණ වී තිබේ.

ආණ්ඩුව මේ ආකාරයෙන් පාප්තුමාට මෙරටට ආරාධනා කර ඇත්තේ 2015 මැතිවරණ වර්ෂයක් වශයෙන් නිර්මාණය වීමට ඉඩ ඇති අවස්ථාවකය. පාප්තුමාගේ ශ‍්‍රී ලංකා සංචාරයෙන් දේශපාලන වාසි ලබාගැනීමට රටේ නායකයන් බලාපොරොත්තු වන බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ. විශ්ව කතෝලික සභාවේ නායකයා වූ ප‍්‍රැන්සිස් පාප්තුමා කිසිම රටකට අයත් ආණ්ඩුවක හෝ එහි දේශපාලන පක්ෂයක ආයුධයක් වීම කතෝලික ආගමික සම්ප‍්‍රදායයන්ට සපුරා විරුද්ධ වෙයි. පාප්තුමාගේ පැමිණීමෙන් මෙරට කතෝලික ජනතාව බලාපොරොත්තු වන්නේ එතුමා ලවා ආණ්ඩුවේ ශක්තිය වර්ධනය කරගැනීමට නොව, එතුමාගෙන් ක‍්‍රිස්තුස්වහන්සේගේ සෘජු නියෝජිතයා ලෙසට ආශිර්වාදය ලබා ගැනීමටය.

පාප්තුමාට මෙරටට පැමිණෙන ලෙසට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු කළ ආරාධනයේ අරමුණු දෙකක් තිබේ. පළමුවැන්න ජුසේවාස් පියතුමා ශුද්ධවන්ත කිරීමේ උළෙල පාප්තුමා පැමිණිමේදී ඉටුකර ගැනීමය. ඉන් අනතුරුව මීගමුවේ බෝලවලානේ කලින් පැවැති කිතුනු ගුරු විදුහල් භුමියේ ආරම්භ කරන්නට නියමිත දහසයවන බෙනඩික්ට් ආසියානු කිතුනු උසස් අධ්‍යාපන ආයතනය ආශිර්වාද කර ආරම්භ කිරීමටය.

මෙතෙක් විශ්ව කතෝලික සභාවට පත්වූ පාප්වරුන් අතුරින් ලබන වසරේ මුලදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින්නේ තුන්වැනි පාප්තුමාය. මෙරටට පළමුවරට පැමිණියේ 6වැනි පාවුළු පාප්තුමාය. ඒ 1970 දෙසැම්බර් 04 දා රාති‍්‍රයේදීය. එතුමා තවත් රටවල් කිහිපයකට සංචාරය කරන අතරතුර පැය කිහිපයකට කටුනායකට පැමිණියේය. 1995 ජනවාරි 20- 22 දිනවල දෙවන ජුවාම් පාවුළු පාප්තුමා මෙරටට පැමිණියේ ජුසේවාස් පියනම භාග්‍යවරයට එසවීමේ උළෙලටය.

මේ ප‍්‍රැන්සිස් පාප්තුමා ලංකාවට පැමිණීම පිළිබඳව කිතුදන පුබුදුවේ උපාධ්‍යාය රීඞ් ෂෙල්ටන් ප‍්‍රනාන්දු පියතුමා සමග කළ සාකච්ඡුාවක උද්ධෘතයන්ය.

පාප්තුමාගේ ගමන ජනවාරි මාසයේදී සිදුවෙනවාද?

ජනවාරි මාසයේදී පාප්තුමාගේ ලංකාගමන සිදුවන්නට නියමිතයි. ඒ සඳහා කතෝලික ජනතාව සුදානම්ව බලා සිටිනවා. කතෝලික සභාවක් ලෙසත් කතෝලික සභා නායකයන් ලෙසත් පාප්තුමාගේ ලංකාගමනේ සියලූ සංවිධාන කටයුතු සූදානම් කරමින් සිටිනවා. පාප්තුමා ලංකාවට පැමිණියත් ලෝකයේ මොනම රටකට පැමිණියත් එය ඒ රටේ කතෝලික ජනතාව දකින්නේ මහත් ආශිර්වාදාත්මක අවස්ථාවක් ලෙසටයි. මේ අවස්ථාව තමන්ගේ ජීවිතයේ කිසිදිනෙක නොලැබෙන මහත් ආස්වාදජනක දෙයක් ලෙස ඔවුන් තේරුම්ගෙන තිබෙනවා.

පාප්තුමාගේ සංචාරය යෙදෙන දින කිහිපයේදී ඡන්දයක්, විශේෂයෙන් ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්වුණොත්?

එම කාලය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට යෑමෙන් කුමක් සිදුවන්නේද යන්න ගැටලූවක් තියෙනවා. පාප්තුමාගේ ගමනට පෙර හෝ පසුව ආසන්න දිනයක මැතිවරණයක් පවත්වන්න තීරණය කරයි නම් පාප්තුමා නොපැමිණෙන බව කතෝලික සභා නායකයන් දැනටමත් ප‍්‍රකාශකර තියෙනවා. මේ වන විට මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කර නැතත් මැතිවරණයක උණුසුමක් තියෙනවා. පාප්තුමාගේ ලංකාගමන මැතිවරණ ව්‍යාපාරයේ අතකොලූවක් වනවා දකින්නට බහුතර කතෝලික ජනතාව කොහෙත්ම කැමැත්තක් නැහැ.

පාප්තුමාගේ පැමිණීමට ආසන්න දින කිහිපයට පෙර හෝ පසු කාලය තුළ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් එතුමාගේ සංචාරය අවලංගු විය හැකියි. එසේ සිදුවුවහොත් ලංකා කතෝලික ජනතාවට පාප්තුමා දැකගැනීමට ඇති භාග්‍යය අහිමිවීමට ඉඩ තිබෙනවා. එයින් මහත් වරප‍්‍රසාදයක් කතෝලික ජනතාවට නැතිව යාවි. කතෝලික ජනතාවට තම ජීවිත කාලය තුළම ලැබිය හැකි මහඟු අවස්ථාවක් අහිමි කිරීම ඔවුන් විසින් සමහරවිට මහත් අපරාධයක් වශයෙන් නම් කිරීමට පවා ඉඩ තිබේවි. එක්කෙනෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ අවස්ථාවාදී දේශපාලන වාසිය හෝ අවස්ථාවාදය හෝ ඉස්මතු වීම ඛේදජනක කි‍්‍රයාවක් ලෙසට අපි දකිනවා. එය කතෝලික ජනතාවගේ අයිතිවාසිකමක් උල්ලංඝනය වීමක් වශයෙන් හුවා දැක්වීමටද අපි පසුබට වෙන්නේ නැහැ.

පාප් ගමනට සමගාමීව මැතිවරණයක් පවත්වන්නේ නම් එය දෙවිධියකින් සිදුවිය හැකියි. එය පාප් ගමනට පෙර සිදුවන්නේ නම් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන කාලය නත්තල් සමයට සමීප විය හැකි වෙනවා වගේම එම මැතිවරණ ප‍්‍රචාරයන් හරහා මහත් කලබැගෑනියක් සිදුවීමට ඇති ඉඩප‍්‍රස්ථාව ද සුළුපටු නැහැ. එසේ ම පාප් ගමන මැතිවරණ ව්‍යාපාරයට ඈඳාගැනීමට ඇති ඉඩකඩද අතිවිශාලයි. පාප් ගමනට පසුව එම දින ආසන්නයේම මැතිවණය පවත්වන විටද ඉහත සඳහන් කාරණය බොහෝ සෙයින් වලංගුයි.

මෙම කාලය මැතිවරණ පැවැත්වීමට නීත්‍යනුකූලව සුදුසු සමය නොවන බවත් අපි එකහෙළා ප‍්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු මැතිවරණය හෝ ජනාධිපතිවරණය සඳහා ප‍්‍රවිෂ්ඨ වීමට කාලය එළඹෙන්නේ තව ඉදිරි කාලකවානුවලදී. එසේ නම් කතෝලික ජනතාව අපහසුතාවට පත් වන අයුරින් තීරණයක් ගැනීමට පෙළඹෙන්නේ ප‍්‍රසිද්ධියේ පළකළ නොහැකි වෙනත් හේතුන් නිසාද යන්න කතෝලික සභා නායකයන් ප‍්‍රශ්න කළ යුතුව තිබෙනවා.

පාප්තුමා දැකබලා ගැනීම කතෝලික ජනතාවට මේ තරම් වැදගත්වන්නේ ඇයි?

ක‍්‍රිස්තුස්වහන්සේගෙන් පසුව කතෝලික සභාවට ඊළඟට සිටින නායකයා හෙවත් ක‍්‍රිස්තුස්වහන්සේගේ නියෝජිතයා ලෙසට සලකන්නේ පාප්තුමායි. සාමාන්‍ය වශයෙන් එතුමා දැකගැනීමට කැමැත්තක් හෝ ආසාවක් දක්වන ඕනෑම පුද්ගලයෙකු යායුත්තේ වතිකානයටයි. එවැනි කටයුත්තක් දුගී ජනතාවට කළ හැකිද? මුදල් තිබුණත් සාමාන්‍ය ජතතාවට ඉතාලියට යන්න වීසා බලපත‍්‍ර පහසුවෙන් ලබාගත නොහැකි තත්ත්වයක් තියෙනවා. ලෝකයේම අතිවිශාල ජනතා ප‍්‍රසාදයක් තිබෙන ප‍්‍රැන්සිස් පාප්වහන්සේ නියම කරගෙන සැලසුම් කර තිබෙන දිනවල නො පැමිණේ නම් නැවත වරක් අපට එතුමා දැකගන්නට හැකිවන්නේ රූපවාහිනියෙන් විතරයි.

අප රට තුළදී ශුද්ධවරයට ඔසවන ප‍්‍රථම භාග්‍යවරයා ජුසේවාස් මුනිඳුන්. මෙම ක‍්‍රියාවලිය ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාවට මහත් අභිමානයක්. එවැනි ක‍්‍රියාවකට සහභාගිවීමට ලැබීම ඕනෑම රටක කතෝලික ජනකොටසකට දුර්ලභ අවස්ථාවක්. ලාංකික කතෝලික ජනතාවට මෙම වැදගත් අවස්ථාව අහිමිවීම, විශේෂයෙන් මැතිවරණයක් නිසා අහිමිවීම මොනතරම් දුරට යුක්ති සහගතද?

පාප්තුමාගේ ගමනට යම් හෙයකින් බාධා පැමිණියහොත් ජුසේවාස් මුනිතුමා භාග්‍යවරයට එසවීමේ කටයුත්ත සිදුවන්නේ වතිකානයේදී. වතිකානයට යෑමට අප ජනතාවගෙන් කීයෙන් කී දෙනෙකුට හැකියාව තිබේද? එම දුර්ලභ අවස්ථාව අහිමිවෙන්නේ මේ රටේ දුගීදුප්පත් ජනතාවට.

පාප්තුමාගේ ලංකා සංචාරයේදී කතෝලික සභාව රජයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

පාප්තුමාගේ ශ‍්‍රී ලංකා සංචාරයේදී එතුමාට අවශ්‍ය ආරක්ෂාව සැපයීම හා එතුමාගේ ගමන් පහසුව ඇති කිරීම මෙන්ම එතුමාණන්ගේ ගමන් න්‍යාය පත‍්‍රය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසාදීම රජයේ භූමිකාව විය යුතුයි. ඉන් ඔබ්බට යමින්, කතෝලික සභාව පවා රජයෙන් සෑම දෙයක්ම බලාපොරොත්තුවෙන් රජයට ආවඩන්නේ නම් කතෝලික සභාවද තම වගකීමෙන් ඉවත්වී ඇත්ද යන්න ප‍්‍රශ්න කළ යුතුව තිබෙනවා.

පාප්තුමාගේ ගමන සුහදතාව වඩවන සංහිඳියාව ඇතිකරන ගමනක්. පාප් ගමනේදී ප‍්‍රැන්සිස් පාප්තුමාගේම දැක්මට අනුව කටයුතු කිරීමට වගබලා ගැනීම කතෝලික සභාවේද වගකීමක්. එහිදී අනවශ්‍ය අන්දමින් මුදල් සොයමින් කටයුතු කිරීම පාප් දර්ශනයට ගැළපෙන්නේ නැහැ.

මාගේ පෞද්ගලික අදහස අනුව මේ ගමනේදී අපට තියෙන්නේ දෙවියන් වහන්සේගේ මැදිහත්වීම පමණයි. මේ ගමන සඳහා මුදල් වියදම් කිරීමට සිදුවන බව අපි කවුරුත් දන්නවා. එහෙත් මුදල් සොයායෑමේදී දේව විශ්වාසයට හා පාප්තුමාගේ දැක්මට සහ දර්ශනයට අනුකූල වන ලෙසින් සිදු කළ යුතුයි. එසේම පාප්තුමාගේ ගමනින් කිසිදු ආකාරයක දේශපාලන වාසි ලබාගැනීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි. එම වගකීම කතෝලික සභා නායකත්වය හා සාමාජිකත්වය පමණක් නොව විවිධ දේශපාලන මතවාදීන්ද තේරුම්ගත යුතුයි. පාප්තුමාගේ ලංකාගමන දේව ගරුත්වය හා ප‍්‍රශංසාවට පමණක් ලක්විය යුතුයි. මේ ගමනින් රජය සම්මාන ගතයුතු නැහැ.

උපුටා ගැනීම - රාවය පුවත්පත
-MMP

- See more at: http://ravaya.lk/?p=4666#sthash.pjY6GaQh.dpuf

2014-10-29
Advertisement

Find us on Facebook