English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මාධ්‍ය සඟයින් වෙත FOD වෙතින් ආරාධනාවක් !

අතුරුදහන්කරවීම් අතින් ශ‍්‍රි ලංකාව සමස්ත ලෝකය තුළ තෙවැනි ස්ථානයේ ය. අතුරුදහන්කරවීම සාපරාධි ක‍්‍රියාවක් වන අතර මෑතක සිට පුද්ගල ඡායාරූප සහ කාටුන් භාවිතා කරමින් පෝස්ටර් ව්‍යාපාර දියත් කරමින් පුද්ගලයින් හට මඩගැසීමට හා පුද්ගල කීර්තිනාමය පළුදු කිරීමට ද විවිධ කණ්ඩායම් උත්සාහා ගනිමින් සිටිති. එ් බියගුළු, කැත වරෙක දාමරික ක‍්‍රියාව බොහෝසෙයින් එල්ල කර ඇත්තේ සහ එල්ල කරමින් සිටින්නේ සමාජ ක‍්‍රියාධරයින් , මානව හිමිකම් ආරක්‍ෂකයින් වෙතය. එහෙත්, සමාජයේ මිනිසුන් වෙනුවෙන් වැයවෙන ක‍්‍රියාධරියන් මැඩලීමට , බිය ගැන්විමට මෙවැනි මඩ ප‍්‍රචාරණ විධි මගින් මඩ ව්‍යාපාරිකයින් හට හැකිද ?  

මේ සම්බන්ධයෙන් සිදුවන කථිකාවක් එනම් මාධ්‍ය වෙත කෙරෙන කථිකාවක් හෙට පෙරවරුවේදි කොළඹ, මරදාන, සී එස් ආර් මධ්‍යස්ථානයේදි පවත්වන්නට අතුරුදහන්වුවන්ගේ පවුල් එකතු විසින් සැළසුම්කර ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවන මෙන් සියලූ මාධ්‍ය අංශවලට දැනුම් දී ඇති අතර පහත දැක්වෙන්නේ එම මාධ්‍ය ආරාධනාවයි.
                                            
                                                                              2014-10-29

හිතවත් කර්තෘ තුමෙනි/තුමියෙනි,

පුවත්පත් සාකච්ජාවක් සඳහා කරනු ලබන ආරාධනාවයි

අතුරුදහන්වුවන්ගේ 24වන සැමරුම මේ මස 27 වෙනිදා දින පෙරවරු 9.30 සිට රද්ෙදාළුව මංසන්ධියේ ස්ථාපිත අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අසළදී අතුරුදහන්වූ පුද්ගලයින්ගේ පවුල්වල ඥතීන් සමගින් පවත්වන්නට විය.

එම සැමරුම වෙනුවෙන්, සැමරුම සංවිධානය කළ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් ආරධනා පත‍්‍රයක් හෝ පෝස්ටර්යක් මගින් කිසිඳු ප‍්‍රචාරණයක් ලබා නොදුන් නමුත් සැමරුමට සමගාමිව, ඔක්තෝම්බර් 25 වෙනිදා රාත‍්‍රියේ සිට මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබිණි.

නිර්ණාමිකව, වර්ණ 4කින් යුතුව, පුද්ගල ඡායාරූප යොදා මඩ පෝස්ටර් දෙකක් නිර්මාණයකර අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවට සම්බන්ධව හා මෙදින සැමරුමට සම්බන්ධ එමෙන්ම මානවහිමිකම් වෙනුවෙන් කටයුතුකරන පුද්ගලයින්ගේ නිවෙස් ප‍්‍රදේශවල හා මංසන්ධිවල එම පෝස්ටර් අලවා ප‍්‍රදර්ශනයකර තිබුණි. එ් තුළින් අදාල සංවිධායකවරුන් සම්බන්ධයෙන් මහජනතාවගේ සිත්තුළ පිළිකුළක්, ක්‍රෝධයක් ඇතිකරවන්නට උත්සාහා ගෙන ඇති අතර ඔක්තෝම්බර් 26 වන දා මධ්‍යම රාත‍්‍රියේ දි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාගේ නිවෙසට ගල් ප‍්‍රහාරයක් ද එල්ලකර ඇති අතර එහිදි නිවෙසේ එක් ජනේලයකට හානි සිදුවි ඇත.

මෙම නිර්ණාමික, ලැජ්ජා සහගත, සාහාසික මඩ ව්‍යාපාරය තුළින් මතු කියු පුද්ගලයින් වෙතට හා සංවිධානවලට තර්ජනයක් මෙන්ම අනතුරු හැඟවිමක් ද සිදුකර ඇති බැවින්  මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්විමට අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව තීරණය කර ඇත.
 
ස්ථානය    -    මරදාන - සී එස් ආර් මධ්‍යස්ථානය (සමාජ හා සාමයික කේන්ද්‍රය)
වේලාව    -    පෙරවරු 11.00 ට
දිනය        -    2014/10/30

මාධ්‍ය හමුව අමතා අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන්, නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේසන්, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ධීවර සහයෝගිතාවයේ කැඳවුම්කරු හර්මන් කුමාර , නීතිඥ ජේ. සී. වැලිඅමුණ මොන්ලාර් ආයතනයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්‍ෂ යන මහතුන් අදහස් දැක්වීමට නියමිතය. 

මෙම මාධ්‍ය හමුව වෙත ඔබගේ මාධ්‍ය ආයතනයේ වාර්තාකරුවෙකු සමඟ ඡායාරූප ශිල්පියෙකු / කැමරා ශිල්පියෙකු යොමුකර සහය දක්වන මෙන් මින් කාරූණීකව ඉල්ලා සිටිමු.
 
ස්තුතියි  -  මෙයට,


බි‍්‍රටෝ ප‍්‍රනාන්දු - අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව
& රයිට් ටු ලයිෆ් මාධ්‍ය අංශය


-MMP



2014-10-29
Advertisement

Find us on Facebook