English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහින්දට නොහැකි නම් ගෝඨාභය !

නීති ප‍්‍රකාර, ඉදිරි මැතිවරණය සඳහා තරග කරන්නට මහින්ද රාජපක්‍ෂ මහතාට අවකශ නොමැත්තේ නම්,  රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ද සිය සොහොයුරා ද වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා පාලක පක්‍ෂයේ තරගකරුවා ලෙසට ඉදිරිපත්විම සුදුසු යැයි රාජපක්‍ෂ පවුල තීරණය කරඇතැයි ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කළ නොහැකි යැයිද නැවතවරක් එසේ තරග කරන්නට ඉදිරිපත් වුවහොත් එය ව්‍යවස්ථානූකුල නීති පද්ධතියට පටහැනි යැයි හිටපු මහාධිකරණ විනිසුරු සරත් එන් සිල්වා මහතා විසින් කිහිප අවස්ථාවකදීම ප‍්‍රකාශකර ඇත.  

එමෙන්ම, ජනාධිපති රාජපක්‍ෂ මහතා නැවත වාරයක් ජනාධිපති ධූරය සඳහා තරඟ කරන්නට සුදානම් වන්නේ නම් අධිකරණ මඟට පිවිසෙන්නට සුදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රකාශකර ඇත.

මෙම වාතාවරණය සැළකිල්ලට ගෙන තවදුරටත් මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණය වෙනුවෙන් යළිත් වරක් තරග කරන්නට අවකාශ නොලැබෙන්නේ නම් සිය සොයුරු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත්කරන්නට රාජපක්‍ෂවරුන් තීරණයකර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සමස්ත බොදුණු සංඝයාවහන්සේලාගෙන් සහ බහුතර බොදුණු සංවිධානවල සැළකිය යුතු සහයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබි තිබෙන හෙයින් රාජපක්‍ෂ පවුල මෙම තීරණයට එළඹ ඇතැයි ද සඳහන් කරයි.  




2014-10-28
Advertisement

Find us on Facebook