English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අපි ප‍්‍රශ්න කරමුද ? අත්හැර දමමුද ? - බි‍්‍රටෝ ප‍්‍රනාන්දු

"අපි අපේ අතුරුදහන්වී සිටින ඥාතීන් වෙනුවෙන් කිසිම විටෙක මරණ සහතික ලබාගන්නවත් ඔවුන් අමතකකර දමන්නවත් සුදානමි නැහැ. නිරුපද‍්‍රිතව සිට හමුදාවට හෝ පොලීසියට භාරකළ සහ භාරදුන් එසේත් නැතිනමි ඔවුන් විසින් අල්ලාගෙන ගිය අපේ දරුවන් ස්වාමිපුරුෂයින් සහෝදරයින් වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුයි. ඔවුන් කොහේද ? මොකද උනේ යන්න අපි දැනගත යුතුයි.  අන්න ඒ යුක්තිය ඉෂ්ඨවන තුරු අපි අපේ සෙවිල්ල මෙසේ පෙළගැසිල්ල නතර කරන්නනේ නැහැ. මොකද ඔවුන් සියලුම දෙනාට අයිති කරුවෙක් සිටිනවා." යැයි අතුරුදහන්වුවන්ගේ ජාතික දිනය ස්මරණය කරමින් පැමිණි සිටි බොහෝ පිරිසක් "අයිතියට" ප‍්‍රකාශ කළෝය.

සීදුව-රද්දොළුව මංසන්ධියේ දි ඊයේ එනම් ඔක්තෝම්බර් 27 වෙනිදා පැවැති මෙම සැමරුමි වැඩසටහනට ලංකාවෙි සියලු පළාත්වලින් අතුරුදහන්වුවන් නියෝජනය කරමින් එම පවුල්වල ඥාතින් විශාල ප‍්‍රමාණයක් පැමිණි සිටි අතර ඔවුන් විසින් පුෂ්පෝපහාර කරමින් ඥතින් සිහිකරනු ලැබිණි.

සැමරුමි උත්සවය අමතමින් රාවය පුවත්පතෙහි උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතාත් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවෙි සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාත් කථා කළ අතර අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාතින් විසින් ද සිය දුක්ඛිත කථා පුවත් ඉදිරිපත්කරනු ලැබිණි.

ඇතැම් අම්මලා තමන්ගේ ඥාතීන් මේ ලංකාවේ කොහේ හෝ ස්ථානයක සිටිය යුතුයි කියා සඵත කරන විට තවත් අම්මලා පිරිසක් කියා සිටියේ තමන්ගේ පුතුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පිංතුර මේ කඳුළු බිත්තියේ තැන්පත් කරන්නටනම් ඉඩ හරින්න එපා යනුවෙනි.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවෙි සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු විසින් සභාව අමතා මෙසේ ප‍්‍රකාශ කළේය.

89 වසර වල පාරවල් අයිනේ මිනී පිච්චෙනවා අපි දැක්කා, කෝටුවල ගහල බෙලි හිටවලා තියෙනවා අපි දැක්කා, ඒ වෙලාවේ අඩන්න පටන් ගත්තේ සිංහල ජනතාවයි. අපි ඒ අය වෙනුවෙන් සාධාරනය ඉල්ලලා සටන් කලා, අපි මේක ඉවරයක් වෙනකම් නවත්වන්නේ නෑ කියලා එදා අපි කිවුවා. අපි ඒ වෙනුවෙන් දිගින් දිගටම හැම අවුරුද්දකම අතුරුදහන් කරවීම් වලට විරුද්ධව මෙවැනි සැමරුම් සංවිධානය කලා. එදත් අපේ ජීවිතවලට මොනව හරි වෙයිද කියන බිය අපිට තිබුනා. හැබැයි ඒ කාලෙ තමුන්ගෙ දරුවො නැතිවුනා කියලා හොයාගෙන ආපු අම්මලාට, තමන්ගෙ සැමියා නැතිවුනා කියලා සොයාගෙන ආපු බිරින්දෑවරුන්ට තමන්ගෙ ගෙවල්වලට ඇවිල්ලා කවුරුත් බියවැද්දීමටවත් තර්ජනය කිරීම් කලෙත් නෑ. හැබැයි මොනව හරි වෙයි කියන බිය හිතේ තියාගෙන අපි අතුරුදහන් කරවීම් වලට විරුද්ධය, මාරා දැමීම්වලට අපි විරුද්ධය කියලා පාරට බැහැල උද්ඝෙෘ්ෂණය කරල පෙළපාලි යන්න හැකියාවක් තිබුනා.

අපේ නියෝජිතයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජිනීවා ගොස් පැමිණෙද්දී ගුවන්තොටුපලේදී අල්ල ගනීවියි, එළියට ආවහම ගහාවි යන බියක් බරපතලව ඒ කාලෙ තිබුනෙ නෑ. වාසුදේව නානායක්කාර, මහින්ද රාජපක්ෂ, ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න යන අය ඉදිරියෙන් තියාගෙන අපි කොළඹ ඉදන් කතරගමට පාගමන් යද්දි ඒ වෙලාවෙ බලයෙ හිටපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායකවරු ඉන්න තැන් වලදී අපිට ගල් ගහයි, පහර දෙයි කියන බියක් හිතේ තිබුනත් අපි ගුටි නොකා යන්න පුළුවන්කමක් තිබුනා.

නමුත් අතුරුදහන්වීම් වලට විරුද්ධව දේශපාලන නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ මහතා එදා ධීවර ඇමති වශයෙන් සිටි අවධියේ මෙවැනි සැමරුම් උත්සවයට පැමිණිලා කිවුවේ අතුරුදහන්වීමක් සිදු වුවහොත් තමන් දේශපාලනයෙන් ඉවත් වෙනවා කියලා. දැන් ඔහුගේ ආණ්ඩුව යටතේ එදාටත් වඩා බරපතල ලෙස බිය වැද්දීම් සහ මරණ තර්ජනයන්ට ලක්වෙලා තිබෙනවා. අද උතුරෙ අම්මලාට තමන්ගෙ අතුරුදහන් වෙච්ච පුතා ගැන දුක්වෙලා අතුරුදහන් වෙච්ච තමන්ගෙ සැමියා ගැන දුක්වෙලා අඩන්න බෑ. උතුරෙ සහ නැගෙනහිර අම්මලාට සාරියක් ඇදගෙන පාරට එන්න බෑ. ආරක්ෂක අංශයේ කියා ගන්නා නිලධාරීන් ඇවිල්ලා අහනවා කොහොද යන්නේ මොන රැස්වීමටද යන්නේ කියලා බිය වැද්දීම් කරනවා. උතුරෙ නැගෙනහිර ඒ අම්මලාට අඩුම තරමෙ තමන්ගෙ උන්ට මොකද වුනේ කියලා හොයන්න නෙමෙයි තමන්ගෙ උන්ව මතක් කරලා හයියෙන් කෑ ගහල අඩන්නවත් බැරි තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. අපි එක්ක එකට ඉදලා සටන් කරපු මහන්ද රාජපක්ෂ මහත්මයගෙ ආණ්ඩුව යටතේ මෙවැනි වාතාවරණයක් තමයි ඉටුකරල දීලා තිබෙන්නේ.

පහුගිය ටිකේම ආණ්ඩුව උත්සහ කලා අතුරුදහන්වූවන් ගැන කතා කරන එක නවත්වන්නයි උත්සහ ගත්තේ, අද වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්මයගෙ ආණ්ඩුව යටතේ අතුරුදහන්වූවන් ගැන කතා කිරීම තහනම් විශයක් බවට පත් වෙලා. එහෙම කතා කරන අය ද්‍රෝහීන්. රට පාවාදෙන්නන් බවට පත් වෙලා. මේ තරම් මර්ධනකාරී තත්වයන් සිදු වෙද්දීත් අද උතුර, නැගෙනහිර සහ දකුණේ සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ල එකතු වෙලා අතුරුදහන්වීම් වලට විරුද්ධයි කියලා පෙන්වීමට ධෛර්යක් තිබීම ගැන ඉතාම සංතෝෂයි.

මේ ආණ්ඩුව විසින් අපිට තෝරාගැනීම් දෙකක් ලබා දෙනවා එකක් තමයි වෙච්ච දේ වුනා, මැරිච්ච එකා මරුණා, අතුරුදහන්වෙච්ච එකා අතුරුදහන් වුනා කියාලා හිතාගෙන පාරවල් වලට කාපට් දාගෙන වරායවල්, පාලම් හදාගෙන මෙතන ඉදලා එහාට සියල්ල අමතක කරලා ජාතියක් හැටියට ඉදිරියට යමු කියලා. එක්කො ආණ්ඩුව කියන විදියට අපේ උන්ව අපි අමතක කරන්න ඕන. නැත්නම් අපේ උන්ට මොකද වුනේ කියලා අහන්න ඕන.

බිරින්දෑවරු තමන්ගෙ මිනිස්සු ගැන අහද්දි, දරුවො තමන්ගෙ තාත්තා ගැන අහද්දී, උත්තරයක් දෙන්න බැරි සමාජයක ඇති වටිනාකම මොකද්ද කියලා අපි කල්පනා කරන්න ඕන. ඉන්නවද?, මැරුණද?,මැරුවනම් ඇයි?, කොහෙද වැලලුවේ? මේ වගේ බොහොම සරළ කාරණා ටිකකට උත්තරයක් දෙන්න බැරි මේ සමාජය අපි විතරක් නෙමෙයි මේ රටේ ආණ්ඩු කරපු හැම එකාම කණගාටු වෙන්න ඕන. මේ රට ඒ තත්වයට ඇද දැමීම ගැන.

මිනිස්සුන්ට එහෙරිව සිදු කරන මේ අපරාධ සමාජයෙන් ඉවත් කිරීමට නම් මේ අවුරුදු 24 පුරාවට සිදු කරපු මේ දේවල් වලට වඩා ශක්තිමත්ම සංවිධානාත්මකව එකා වගේ වැඩ කල යුතු බව මහින්ද රාජපක්ෂ මහත්මයා නැවත නැවත පණිවිඩ දෙමින් කියා සිටිනවා. ඒ නිසා අපේ ඉලක්කය ඈත වෙන්න පුළුවන් ඒ අතරතුර කරදර හිරිහැර බොහොමයක් සිදුවෙන්න පුළුවන් නමුත් ඒ සියළු අපාරාධවලින් නිදහස් වෙන්න නම් බලාපොරෛාත්තු අත් නොහැර එම කටයුතු වලට උපරිම මැදහත්වීම් ලබා දෙමින් සාමූහිකව ක්‍රියාකිරීම තුලින් පමණක් මේ රට අතුරුදහන්වීම්වලින් තොරවූ රටක් කල හැකීයි කියන විශ්වාසය තුල අපි කටයුතු කරමු.


සැමරුමි උත්සවයේ සියලු පිංතුර සඳහා පිංතුර තීරුව බලන්න.
-MMP




2014-10-28
Advertisement

Find us on Facebook