English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සොහොනක් නැති මිනිසුන් සැමරුම හෙට - ඔක්තෝම්බර් 27 !

ඇතැමෙක් ඔහු හෝ ඇය කවුරු කෙසේ සොරකම්කරගෙන ගියාදැයි තවමත් නොදනීයි. ඇතැමෙක් ඔහු හෝ ඇය බලධරයින් අතපත් කළ පසු කෙසේ නැතිවී ඇත්දැයි නොදනියි. ඇතැමෙක් සිය ඥාතියා පොලිසියෙන් හා හමුදාවෙන් රැගෙන ගිය බව දනීයි එහෙත් ආපසු නොආවේ මන්දැයි ප‍්‍රශ්න කරයි. ඇතැමෙක් සිය ඥාතියාට සිදුවු දේ හොදින්ම දනියි එහෙත් ඔහුගේ පණ සුන් සිරුර කොහේ විසිකර ඇත්දැයි නොදනියි. මෙසේ සිය ඥාතින් වෙනුවෙන් මුළු ජීවිත කාලයම සුසුම්ලන සියගණනක් සිංහළ දමිළ මුස්ලිම් ඥාතින්හට අතුරුදහන්වී සිටින සිය ඥාතියා ආදරවන්තයා මලක් තබා සමරන්නට මේ භූමියේ ඇති එකම අවකාශය සීදුව රද්දොළුව මංසන්ධියේ පිහිටවු අතුරුදහන්වුවන්ගේ ස්මාරකයයි. ඔක්තෝම්බර් 27 දිනය ඔවුන් සමරන්නට වෙන්කරගත් ජාතික දිනයයි.

වර්ථමානය වන විට අතුරුදහන්කරවීම් අතින් ලෝකයේ තෙවැනි ස්ථානයේ සිටින අප ශ‍්‍රී ලංකාවේ දශක තුනක කාල පරාසයක් තුළ දී විවිධ වු හේතුන් මත අතුරුදහන්කරවීම් සිදුවුණි. එහෙත් එ් සම්බන්ධයෙන් රටතුළ කිසිම ආකාරයක නීතිය ක‍්‍රියාත්මක වීමක් හෝ යුක්ති සාධාරණයක් ඉටු වීමක් සිදුනොවුණි. එමෙන් ම අතුරුදහන්වුවන් සැමරීමට ද ඉඩක් නොතිබුණි. එ් සඳහා කෙනෙක් හෝ පාර්ශවයක් ද නොසිටියේය. එහෙත් රට තුල  අතුරුදහන්කරවීම් අඛණ්ඩව සිදු කෙරිණි. 

අතුරුදහන්වුවන් පිළිබඳව කිසිඳු කථාබහක් සිදුනොවුවා මෙන්ම ඔවුන් සමරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවුණු එවන් වකවානුවක, අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් 1991 දි එනම් දැනට වසර 23කට ඉහතදී විවිධ හේතුන් මත අතුරුදහන්වි සිටින මිනිස් ජීවිත සිහිකිරීමෙහිලා දිනයක් ප‍්‍රකාශයට පත්කරන ලදී. එසේ අතුරුදහන්වුවන් වෙනුවෙන් 2000 වසරේ දී ස්මාරකයක් ද තනා අතුරුදහන්වුවන් සමරන්නට ජාතික දිනයක් ලෙසට සෑම වසරකම ඔක්තෝම්බර් මස 27 වෙනිදා දිනය තීන්දුකර ගැණිනි. එම ස්මාරකය පිටුපස ඇති කඳුළු බිත්තිය මත පමණක් අතුරුදහන්වූවන් 433 දෙනෙකුගේ සිහිවටන ඡයාරූප අතුරා ඇත.

1991 වසරේ සිට අඛණ්ඩව ස්මරණය කරමින් පැමිණි එම දිගු ගමනේ 24වන සැමරුම මේ මස 27 වෙනිදා දින, එනම් හෙට පෙරවරු 9.30 සිට 11.30 දක්වා සී¥ව-රද්ෙදාළුව මංසන්ධියේ ස්ථාපිත අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අසළදී අතුරුදහන්වූ පුද්ගලයින්ගේ පවුල්වල ඥතීන් සමගින් පවත්වන්නට කටයුතු සංවිධානය කර ඇත. ඉන් අනතුරුව අතුරුදහන්වු පවුල්වල ඥාතීන් සහභාගිවන මාධ්‍ය හමුවක් පැවැත්විමට ද කටයුතු සළසා ඇත.

උතුරේත් දකුණේත් මන්නාරම, වව්නියාව , මුලතිව් , කොළඹ, මීගමුව, හම්බන්තොට, අනුරාධපුරය හා නැගෙනහිර පළාතේදී එසේ අතුරුදහන්වූවන්ගේ ඥතින් 10 දෙනෙකු මෙදින මාධ්‍ය හමුවේදි සිය දුක්බර, පීඩිත කථා පුවත් දිගහරිනු ලබයි. මේ අතර, පළමු වතාවට මාධ්‍ය හමුවන වින්ධිත ඥාතීන්ද සිිටිති.  

-MMP



2014-10-26
Advertisement

Find us on Facebook