English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අපක්‍ෂපාති පරික්‍ෂණයක් ! ජීවිතවලට ආරක්‍ෂාවක් සහ සැමරුමට ආරක්‍ෂාවක් අවශ්‍යයි - බි‍්‍රටෝ ප‍්‍රනාන්දු

අතුරුදහන්වුවන්ගේ සැමරුම් වැඩසටහනට සම්බන්ධව සිටින පුද්ගලයින්ට එරෙහිව ඊයේ (25දා) රාත‍්‍රියේ සිට දියත්කර ඇති මඩ පෝස්ටර් ව්‍යාපාරයට එරෙහිව අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු විසින් සීදුව පොලීසියේ පැමිණිල්ලක් දම අපක්‍ෂපාති පරික්‍ෂණයක් පවත්වන ලෙසටත් පෝස්ටරය මගින් ප‍්‍රදර්ශනය කර සිටින පුද්ගලයින් සඳහා ජීවිත ආරක්‍ෂාවත් හෙට දින පැවැත්වෙන සැමරුමට ආරක්‍ෂාවත් සපයන ලෙසට බි‍්‍රටෝ ප‍්‍රනාන්නදු සිය පැමිණෙල්ලෙන් ඉල්ලා සිටියි.

ඊයේ රාති‍්‍රයේ සිට දීප ව්‍යාප්තව දියත්කර ඇති දේවේශසහගත, අසත්‍ය, මහ ජනයා නොමගයවනසුලූ, තමන් ඇතුලූ සංවිධානයේ කි‍්‍රයාධරයන්ට ද මෙම උත්සවයේ ආරාධිත කතිකයෙකු වන රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතා, මානව හිමිකම් කි‍්‍රයාකාරනියක් වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, ජාතික ධිවර සහයෝගීතාවයේ කැ`දවුම්කරු හර්මන් කුමාර, වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මීපුර පුවත්පතේ කර්තෘ ප්‍රෙඞී ගමගේ හා ආසියානු පුවත් සේවයේ ශී‍්‍ර ලංකා වාර්තාකාරිණී මෙලනි මානෙල් පෙරේරා යන අයට අපහාස වන හා ජීවිතවලට තර්ජනයක් ගෙනෙන ආකාරයෙන් සිදු කර ඇති මෙම නිර්නාමික මඩ පෝස්ටර් ව්‍යාපාරයට සම්බන්ධ අය අත්අඩංගුවට ගනිමින්  අපක්ෂපාතී හා කඩිනම් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසටත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, ඔක්තෝබර් 27 වන දින එනම් හෙට දින උදේ ආරම්භ වන මෙම උත්සවය ස`දහා ආරක්ෂාව ලබා දෙන ලෙසටත් බි‍්‍රටෝ ප‍්‍රනාන්දු විසින් පොලීසියෙන් ඉල්ලා සිටියි.

එම පැමිණිල්ල පහත දැක්වෙන අයුරින් වේ.

අංක 555, මීගමු පාර, කටුනායක ලිපිනයේ පිහිටි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති ලෙස කටයුතු කරන කණුකුලගේ ජෝන් බි‍්‍රටෝ ප‍්‍රනාන්දු වන මාගේ වයස අවුරුදු 60යි සිංහල කතෝලික බැතිමතෙක්මි. 2014 ඔක්තෝබර් මස 25 වන දින දීපව්‍යාප්තව දියත්කර ඇති දේවේශසහගත, අසත්‍ය, මහජනයා නොමගයවන සුලූ, මා ඇතුලූ අප සංවිධානයේ කි‍්‍රයාධරයන්ට අපහාස වන හා ජීවිතවලට තර්ජනයක් ගෙනෙන නිර්නාමික පෝස්ටර් ව්‍යාපාරය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට කරනු ලබන ලිඛිත පැමිණිල්ල. මා සභාපතිත්වය දරණ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව අතුරුදහන්කරවීම මානව වර්ගයාට එරෙහි අපරාධයක්, එය යළි සිදුවීමට ඉඩ නොදෙමු යන තේමාව යටතේ සියලූම ආකාරයේ අතුරුදහන්කරවීම් වලට එරෙහිව 1991 වසරේ දී පිහිටුවන ලදී. 1992 වසරේ සිට අඛන්ඩව සියලූම ආකාරයෙන් සිදු කරනු ලබන අතුරුදහන් කරවීම්වලට එරෙහිව වාර්ෂික උත්සවයක් සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින සීදුව රද්දොලූව මන්සන්දියේ ඉදිකර ඇති අතුරුදහන්වුවන්ගේ සිහිවටනය ඉදිරිපිට දී අඛන්ඩව පවත්වමින් සිටී. මෙවර ඔක්තෝබර් 27 වන දින පවත්වනු ලබන්නේ එහි 24 වන සැමරුම් උත්සවයයි. වසර 24ක් තිස්සේ පැවැත්වෙන මෙම උත්සවය පිළිබ`දව මහජනයා අතර පිළිකුලක්, ක්‍රෝධයක් හා වෛරයක් ඇති වන ආකාරයෙන් හා මා ඇතුලූ අප සංවිධානයේ අනෙකුත් කි‍්‍රයාධරයන්ට අනතුරක් හා අපහාසයක් සිදු වන ආකාරයෙන් නිර්නාමික  ඕෆ්සෙට් මුද්‍රිත වර්ණ පෝස්ටර් දෙකක් මෙම උත්සවය පැවැත්වෙන ප‍්‍රදේශය, අප කාර්යාලය පිහිටා තිබෙන හා අප කි‍්‍රයාධරයන් සිටින ප‍්‍රදේශ ද ආවරණය වන ලෙස අලවා තිබේ. මෙම පෝස්ටරය ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ පමණක් නොව කොළඹ දිස්ති‍්‍රක්කය තුළද අලවා ඇති බවට අප වෙත දැනට දැන ගන්නට ලැබුනි. ඊයේ රාති‍්‍රයේ සිට දීප ව්‍යාප්තව දියත්කර ඇති දේවේශසහගත, අසත්‍ය, මහ ජනයා නොමගයවනසුලූ, මා ඇතුලූ අප සංවිධානයේ කි‍්‍රයාධරයන්ට ද මෙම උත්සවයේ ආරාධිත කතිකයෙකු වන රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතා, මානව හිමිකම් කි‍්‍රයාකාරනියක් වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, ජාතික ධිවර සහයෝගීතාවයේ කැ`දවුම්කරු හර්මන් කුමාර, වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මීපුර පුවත්පතේ කර්තෘ ප්‍රෙඞී ගමගේ හා ආසියානු පුවත් සේවයේ ශී‍්‍ර ලංකා වාර්තාකාරිණී මෙලනි මානෙල් පෙරේරා යන අයට අපහාස වන හා අප ජීවිතවලට තර්ජනයක් ගෙනෙන ආකාරයෙන් සිදු කර ඇති මෙම නිර්නාමික මඩ පෝස්ටර් ව්‍යාපාරයට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම සදහා අපක්ෂපාතී හා කඩිනම් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට මින් ඉල්ලා සිටිමි. එමෙන්ම අපගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, මෙම උත්සවය පැවැත්වෙන ස්ථානයේ අද රාතී‍්‍රයේ (ඔක්තෝබර් 26) සිට සංවිධායක කටයුතු සිදු කරනු ලබන නිසා එම සංවිධායකයන්ගේ ආරක්ෂාව සදහා පොලිස් කණ්ඩායමක් යොදවන ලෙසත්, ඔක්තෝබර් 27 වන දින එනම් හෙට දින උදේ ආරම්භ වන මෙම උත්සවය ස`දහා ආරක්ෂාව ලබා දෙන ලෙසත් මින් ඔබගෙන් ඉල්ලා සිටිමි. මාගේ මෙම ලිඛිත පැමිණිල්ල භාරගෙන මේ සම්බන්ධව සාධාරණ හා අපක්ෂතී පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, මින් ඉල්ලා සිටිමි. මට කීමට ඇත්තේ එපමණයි. මාගේ මෙම ලිඛිත පැමිණිල්ල කියවා බලා තේරුම්ගෙන 2014 ඔක්තෝබර් 26 වන දින කටුනායක දී අත්සන් තබන ලදී.


-MMP



2014-10-26
Advertisement

Find us on Facebook