English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඔක්තෝබර් 27 - සාහසික පෝස්ටර් ව්‍යාපාරයක් !


අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් හෙට දින එනම් ඔක්තෝම්බර් 27 වන දින පවත්වන්නට සුදානම්කර තිබෙන වාර්ෂීක අතුරුදහන්වුවන්ගේ ජාතික දිනය අවුල්කිරීමේ පරමාර්ථයෙන් යුතුව නිර්ණාමික මඩ පෝස්ටර් ව්‍යාපාරයක් මේවන විට දියත්කර ඇත.

ඊයේ (25) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන මෙම මඩ ව්‍යාපාරය විසින්  අතුරුදහන්වුවන් වෙනුවෙන් ක‍්‍රියාකාරිවන පුද්ගලයින් කිහිපදෙනෙකුගේ වර්ණ ඡුායාරූප 10ක් ඇතුලත්කර පෝස්ටර් දෙකක් නිර්මාණයකර එම පුද්ගලයින්ගේ නිවෙස් පිහිටි ප‍්‍රදේශ ආශ‍්‍රීතව සහ ප‍්‍රධාන මංසන්ධිවල අලවා මහජනතාව නොමග යවන්නට කටයුතු කර ඇත. 

මෙම මඩ ව්‍යාපාරය පිළිකුලින් යුතුව හෙළාදකින අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එම සම්පුර්ණ නිවේදනය පහත අයුරින් වේ.

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව
පුවත්පත් නිවේදනයයි.


සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින බලයෙන් අතුරුදහන්කරවූවන් සිහිපත් කරවීමේ සමරු දිනයක් සීදුව රද්දොඑව හන්දියේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිරියේ පැවැත්වේ. මෙම දිනය අතුරුදහන් වූ පවුල්වල දෙමාපියන් හා සහෝදර සහෝදරියන් හා හිතවතුන් එකතුවී තමන්ගේ පවුල්වලින් අතරුදහන්වූවන් ලෙස විපතට පත්වූවන් සිහිපත් කොට ආගමික වතාවත් හා වෙනත් ආකාරයේ සිහිපත් කිරීම් කරණු ලබයි. මෙම උත්සවයට බෞද්ධ, කි‍්‍රස්තියානි, මුස්ලිම් ආදී විවිධ ආගම් වල පූජකවරුන් ද පැමිණේ.
 
අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිකරණ ලද්දේ 2000 වර්ෂයේදීය. එහි අරමුණ වූයේ මෙවැනි විශාල අපරාධයක් නැවත ඇති නොවීම ස`දහා මහජන දැනුවත් කිරීමක් හා අධිෂ්ඨානයක් ගොඩනැගීම සදහා පසුගිය අවුරුදු 24 ඇතුළත නොකඩවාම මෙම සිහිකිරීම පවත්වා ඇත.

මෙම සිහිකිරීමට අතීතයේ දී පැමිණි අමුත්තන් හා කථිකයන් අතර දැනට ජනාධිපතිධූරයේ සිටින මහින්ද රාජපක්‍ෂ මහතා ද පැමිණ ඇත. එතුමා අතුරුදහන්කරවීම පිළිබදව අපරාධය පිළිබදවත්, එය අනාගතයේ දී නැති කිරීමට පමණක් නොව ඊට අතීතයේ දී සම්බන්ධවූවන්ට දඩුවම් දීම පිළිබදව ද මෙම සිහිකිරීමේ දී ප‍්‍රසිද්ධ කථා පවත්වා ඇත. වාර්ෂිකව පවත්වන මෙම සිහිපත් කිරීම එතුමාත්, රජයත් ඉතා හො`දින් දන්නා අතර අතීතයේ දී එයට අනුග‍්‍රහය දක්වා ඇත.

මෙම සිහිකිරීමේ උත්සවය ඔක්තෝබර් 27 වන දා (එනම් හෙට) දින පැවැත්වීමට නියමිතය. එසේ තිබියදී එම සිහිපත් කිරීමට බාධා කිරීම සදහා සහ එම සිහිපත් කිරීම පිළිබදව වැරදි මහජන මතයක් ඇති කිරීම සදහා ප‍්‍රසිද්ධ පෝස්ටරයක් මීගමු පලාතේ, කොළඹ හා වෙනත් පලාත් වල විශාල වශයෙන් අලවා ඇත. එම පෝස්ටරයේ මේ වසරේ උත්සවයේ ආරාධිත කතිකයෙකු වන රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන්, අතුරුදහන්වීම් පිළිබදව පසුගිය කාලය තුළ ක‍්‍රියාකර ඇති ප‍්‍රවීන ගායන ශීල්පී ජයතිලක බණ්ඩාර, ප‍්‍රවීන මානව හිමිකම් කි‍්‍රයාකාරනියක් වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, ජාතික ධිවර සහයෝගීතාවයේ කැදවුම්කරු හර්මන් කුමාර, වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මීපුර පුවත්පතේ කර්තෘ ප්‍රෙඞී ගමගේ හා ආසියානු පුවත් සේවයේ ශී‍්‍ර ලංකා වාර්තාකාරිණී මෙලනි මානෙල් පෙරේරා අතුරුදහන්වුන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු හා ශී‍්‍රනිකා නිලාශණී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ පිලිප් දිසානායක හා ප‍්‍රසංග ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගේ ඡයාරූප ඇතුලත් කර මොවුන් ඩොලර් කාක්කන් ලෙස නම් කොට ඇත.

නිර්ණාමික වූ මෙම පෝස්ටරය ඉතා පැහැදිලිවම කිසියම් ගුප්ත දේශපාලන බලවේගයක් විසින් කර ඇති බවට සැකයක් නැත. එසේ කර ඇත්තේ අතුරුදහන් කරවූවන් පිළිබද ප‍්‍රශ්නය ඉස්මතු වීම වළක්වාලීම සදහා බව ද ඉතා පැහැදිලිය. මේ නිසා කෙළින්ම හෝ වක‍්‍රව අතුරදහන්වීම් වලට සම්බන්ධ වූ හෝ ඒවා මෙහෙය වූ අය හෝ ඔවුන්ගේ හිතවතුන් මෙම පෝස්ටර් ව්‍යාපාරය කර ඇති බව අනුමාන කළ හැකිය. එවැනි කණ්ඩායම් වලට හිතවත් වූ දේශපාලන ව්‍යාපාරයක් මේ පිටුපස ඇති බව සිතාගත හැක.

මෙම නිර්ණාමික හා ඒ නිසා නීතිවිරෝධී පෝස්ටරය පිටිපස කිසියම් සාහසික අරමුණක් පවතින බව පෙනී යයි. එම සාහසික අරමුණ මෙම සිහිපත් කිරීම කඩාකප්පල්කර දැමීම මෙන්ම එහි සංවිධායකයන්ට විරුද්ධව ප‍්‍රචන්ඩ ක‍්‍රියාමාර්ගයක් ගැනීමේ අරමුණින් ඒ සදහා මහජන මතය සකස් කිරීම සදහා මෙම පෝස්ටරය නිකුත්කර ඇතැයි අපි සිතමු.

අපි ලංකාවේ සියඑම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අතුරුදහන්වූවන් සිහිපත් කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරමුණු ඇතිව කෙරෙන මෙම සිහිපත් කිරීම ආරක්‍ෂා කිරීමට මැදිහත් වන ලෙසය. තමන්ට වූ කරදර පිළිබදව සිහිපත් කිරීමටත්, ඒ පිළිබදව මහජන සහයෝගය ඉල්ලා සිටීමටත්, ඒ පිළිබදව උද්ඝෝෂණය කිරීමටත් ඇති අයිතිය සියඑම ශීලාචාර සමාජයන් හී පවතින අයිතියකි. එවැනි සිහිපත් කීරීමකට බාධා කිරීම ම්ලේච්ඡු කි‍්‍රියාවකි. මෙවැනි අවස්ථාවක එවැනි සිහිපත් කිරීම් හා ප‍්‍රචාරක කටයුතු ආරක්‍ෂාකර දීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතවත් සියඑ දෙනාගේම යුතුකමකි. මම සිහිපත් කිරීමට සහභාගී වීමෙන් හා එය කඩාකප්පල් කිරීමේ ප‍්‍රයත්නයට විරුද්ධ වීමෙන් අතුරුදහන්වූවන් පිළිබදව ඔබගේ අමනාපය හා යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් ඔබගේ උනන්දුව ප‍්‍රකාශයට පත්කරන ලෙස අප ඉල්ලා සිටිමු.

අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම නීතිවිරෝධී පෝස්ටරය පිළිබදව වහා පරීක්‍ෂණයක් පවත්වා එසේ කළ අයට නීතිය ඉදිරියේ දඩුවම් පමුණුවන ලෙසයි. මේ අතර මෙම රැස්වීමට ආරක්‍ෂාව සපයන ලෙසත් මෙම සාහසික ප‍්‍රචාරය මගින් තම ආරක්‍ෂාවට අනතුරක් ඇතිවී ඇති ඉහත නම් සදහන් සියඑ දෙනාගේම ආරක්‍ෂාව සළසන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

අපි මෙම සිහිපත් කිරීමට පැමිණෙන ලෙස සියඑම මාධ්‍යවලින් ඉල්ලා සිටිමු. කිසියම් කඩාකප්පල්කාරී කණ්ඩායමක් දමා බාධා කිරීමටත්, එහි පැමිණෙන අයට හිරිහැර කිරීමටත්, මෙම පෝස්ටරය පිටිපස සිටින සාහසිකයන් ක‍්‍රියා කිරීමටත් ඉඩ ඇතැයි අපි සිතමු. සියඑම මාධ්‍යකරුවන්ගේ පැමිණීම මගින් මෙම සිද්ධිය වාර්තා කොට ජනතාව ඉදිරියට පමුණුවන ලෙසද අපි ඉල්ලා සිටිමු.

බි‍්‍රටෝ ප‍්‍රනාන්දු
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව
2014 වූ ඔක්තෝබර් මස 26 වන දිනදීය

-MMP






2014-10-26
Advertisement

Find us on Facebook