English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඔක්තෝබර් 27 උත්සවයට නොමිලේ ප‍්‍රචාරය
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් හෙට (27) පැවැත්වීමට නියමිත අතුරුදහන්වුන් සැමරීමේ ජාතික දින උත්සවයට සමගාමීව මඩ පෝස්ටර් ව්‍යාපාරයක් ඊයේ රාති‍්‍රයේ දී දියත්කර තිබේ. වර්ණ 4 කින් යුතු මුද්‍රණය කර ඇති මෙම පෝස්ටර් වර්ග දෙක අතුරුදහන්වුන්ගේ පුවල් එකතුවේ සියලූම සංවිධායකවරුන්ගේ නිවෙස් ඉදිරිපිට කැපී පෙනෙනෙ ලෙස අලවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

මේ පිළිබදව අදහස් දැක්වූ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සංවිධායකවරයෙකු පවසා සිටියේ 1992 සිට අඛන්ඩව සියලූම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහිව පවත්වන එකම උත්සවය මෙය බවත් හෙට පවත්වනු ලබන්නේ  එහි 24 වන සැමරුම් උත්සවය වන බවත්ය.

එමෙන්ම ඔහු වැඩි දුරටත් පවසා සිිටියේ 2015 වසරේ දී මෙම උත්සවයේ 25 වන සැමරුම ඉතා ඉහලින් පැවැත්වීමට සැලසුම්කර තිබෙන නිසා මෙවර උත්සවය සාමාන්‍ය ආයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබු බවත්, මෙවර උත්සවය සදහා ප‍්‍රචාරක වැඩ පිළිවෙලක් පවා දියත් නොකළ බවත්, අවම වශයෙන් පෝස්ටරයක් හෝ ආරාධනා පත‍්‍රයක් හෝ මුද්‍රණය නොකළ බවත්, නමුත් ඊයේ රාති‍්‍රයේ මේ කළ කි‍්‍රයාව නිසා මෙම උත්සවයට විශාල ප‍්‍රචාරයක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධව මෙම ප‍්‍රචාරක වැඩ පිළිවෙල දියත් කළ පුද්ගලයන්ට කෘතඥ වන බවයි.




2014-10-26
Advertisement

Find us on Facebook