English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වගකීම් රැසක් දෝතට ගන්නා නව නීතිපති

නීති උපදෙස් තවම ලැබී නොමැත යනුවෙන් සිංහල භාෂාවෙන් හා තවත් ඉංග‍්‍රිසි භාෂාවෙන් ලේඛණය කළ නවතම පොත් දෙකක් ජනාධිපතිවරයා දෝතට දෙමින් සිය ධූරයෙන් විශ‍්‍රාම ලැබු හිටපු නීතිපති පාලිත ප‍්‍රනාන්දුගේ රික්තකය පුරවන්නට අද (ඔක් 23) තවත් පුද්ගලයෙක් නීතිපති ධුරය භාර ගත්තේය.

කොළඹ ආනන්ද විදුහලේ ආදිශිෂ්‍යයෙකු ද වන යුවන්ජන වනසුන්දර විජයතිලක මහතා නව නීතිපති ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදි අද දිවුරුම්දි සිය නව ධූරයේ වැඩ බාරගෙන ඇත.

1979 වසරේදි නීතිඥ සේවයට එක්වු යුවන්ජන වනසුන්දර මහතා 1980 වසරේ දි අධිනිතිඥවරයෙකු ලෙසට නීතිපති දෙපාර්තමේන්තුවට එක්වී ඇත. එදා මෙදා තුර කාලය ඇතුලත ඔහු වැඩබලන නීතිපති ලෙසට ද කටයුතු කර ඇති බවට වාර්තා වෙයි.

කෙසේවෙතත්, ඉදිරි ශ‍්‍රි ලංකාව තුළ ඔහුට පැවරෙන නීතීමය කටයුතු බහුලවනු ඇත. විවිධ හේතුමත විවිධ බලපෑම් මත තවමත් නොඅසා ඇති නඩු විභාග ප‍්‍රමාණය අති විශාල වන අතර අවම වශයෙන් ඉන් අඩක්වත් විසඳා ගැනීම සඳහා ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක‍්‍රියාවලියට පණපෙවීමක් සිදුකළ යුතුව ඇත. ඒ තුළින් නඩු බරින් හා නීතිය ක‍්‍රියාත්මක නොකර රඳවා තබාගෙන සිටීම් තුළින් පීඩාවට පත් ජනතාව නිදහස් වනු ඇත. එහෙත්, එසේ කරන්නට පියවර නොගතහොත් නව නීතිපති ද ජනතාවගේ නීතිපතිවරයා නොව පෙරසේම පවතින ආණ්ඩුවේ නීතිපතිවරයා පමණක් බවට පත්වීම නොවැළැක්විය හැක ! 


ඡායාරූප- Internet
-MMP





2014-10-23
Advertisement

Find us on Facebook