English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මෛත‍්‍රිපාල ද දී. මූ. වගෙයි නේ - ප‍්‍රෘතග්ජනයා



 
වර්ථමාන අගමැති දී මූ ජයරත්න මහතා ද අගමැති පදවිය ලබාගන්නට පෙර පක්‍ෂ බලමණ්ඩල වන්දනාවේ ගියේය. ඒ සඳහා සිය මහනුවර දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ බලමණ්ඩලයෙන් මෙන්ම වෙනත් දිස්ත‍්‍රික්ක කිහිපයක බලමණ්ඩල වලින් ද යෝජනා සම්මතකර ගත්තා මෙන්ම වර්ථමාන ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා ද වන මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද මීළඟ අගමැති ධූරය තමන්ට හිමිකර ගැනීම සඳහා එම ක‍්‍රමවේදයම අනුගමනය කර ඇති බවට මෛත‍්‍රිපාල ඇමතිවරයාගේ ගම් ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි. 

පක්‍ෂ බලමණ්ඩල වන්දනාවේ යෑමේ පළමු පියවර ලෙසට බදාදා දින (ඔක් 22) පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ බලමණ්ඩල රැුස්වීම පවත්වමින් , ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට අගමැති ධූරය සඳහා පත්කරවන ලෙසට ඉල්ලා යෝජනාවක් සම්මතකර ගෙන ඇත.

මෙම පක්‍ෂ බලමණ්ඩල රැස්වීම සඳහා  තිස්ස කරලියද්ද ඇමතිවරයා ද මධ්‍යම පළාත් මහඇමති සරත් ඒකනායක මෙන්ම මෛත‍්‍රිපාල සිරිසේන ඇමතිවරයා ද සහභාගි වි ඇත.
 
ඉදිරියේදි තවත් දිස්ත‍්‍රික්ක කිහිපයක ම පක්‍ෂ බලමණ්ඩල වන්දනාවේ නිරත වෙමින් යෝජනා සම්මතකර ගන්නා බවට ද එහිදි අහස් ප‍්‍රකාශ වී ඇත.  


ඡායාරූපය - ලංකා ටෘත්
-MMP




2014-10-23
Advertisement

Find us on Facebook