English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසියෙන් පොලීසියට .... චෝදනා !

වසර කිහිපයකට පසුව ගෙනෙන මේ චෝදනාව කොතෙක් දුරට සාධාරණද ? එවකට සේවයෙහි නිරතව සිටී පොලිස් නිළධාරීන් මෙම චෝදනා නැගීමට පසුබිම සැපයු කාරණාව පිළිබඳව ගැඹුරින් අවධානයට නොගත්තේ මන්ද ? යන්න ප‍්‍රශ්නයකි.

ත‍්‍රස්තවාදී කටයුතු හා පොලීසිය යන වචන අතර උච්චාරණය වු නමක් ලෙසට නිලබ්දීන් නාමය ඉතාම ප‍්‍රසිද්ධය. ඒ, නිලබ්දීන් යනු එවකට සිටි ත‍්‍රස්ත මර්ධන විමර්ශකයෙකු නිසාය. වර්තමානයේදි විදෙස්ගතවි සිටින නිලබ්දීන් හිටපු ත‍්‍රස්ත විමර්ශකයා විසින් සිය ක්‍ෂේත‍්‍රය වු ශ‍්‍රී ලංකා පොලීසියට චෝදනාවක් එල්ලකරනු ලබන පුවතක් පිළිබඳව අද දිවයින (ඔක්තෝම්බර් 23) අන්තර්ජාල පුවත්පත වාර්තා කළේය.

එම චෝදනාව වනුයේ , එල්ටීටීඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදි ක‍්‍රියා පිළිබඳව සාක්‍ෂි සහිතව යුරෝපා අධිකරණය හමුවේ සනාථ කිරීමට තමා සුදානම් නමුත් ශ‍්‍රි ලංකා පොලීසියේ ඇතැම් නිළධාරීන් තමන්ගේ ඉල්ලීම නොසළකා හැරී බවයි.

පොලිසිය විසින් නිලබ්දීන් නිළධාරියාගේ එම උත්සාහය නොසළකා හරින්නට බලපැ ප‍්‍රබල හේතුව කුමක් ද ?

එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකළ ත‍්‍රස්ත ක‍්‍රියා 160 කට වඩා අධික සංඛ්‍යාවක් තමා විසින් අල්ලාගත් බව නිලාබ්දීන් මහතා දිවයිනට ප‍්‍රකාශකර ඇත. 2002 සටන් විරාමයෙන් පසුව තමුන් කොටින්ගේ ඉලක්කයක් බවට පත්වී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගෙන් දිවි ගලවා ගත් අතර බෝම්බ කැබලි තවමත් තමන්ගේ හිසේ තිබෙන බව ද ප‍්‍රකාශකර ඇත.

"කොටුවේ බෝම්බ පිපිරවීමට කොටි නායකයා ප‍්‍රභාකරන් සම්බන්ධ බවට ඔහුගේ ඇඟිලි සළකුණු පවා මා සොයාගත්තා. නමුත් අවසානයේදි මා හට ලැබිය යුතු තෑගි මුදල පවා මට ලබාදුන්නේ නැහැ."  යනුවෙන් නිලබ්දීන් මහතා චෝදනාමුඛයෙන් ප‍්‍රකාශකර ඇත.

-MMP



2014-10-23
Advertisement

Find us on Facebook