English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සරසවි සිසුන්ට පහරදීම හෙළා දකියි

සිය අධ්‍යාපන අයිතීන් ඇතුළු සියලුම අයිතින් ඉල්ලා විරෝධතා දැක්වීමට සිසුන්ට ඇති අයිතිය කදුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර මර්ධනය කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය අවධාරණය කරයි.

සාමකාමී විරෝධතාවක නියැලුණ සරසවි සිසුන් හට 21වන දා පාර්ලිමේන්තු වට රවුම අසලදී එල්ල වු ප්‍රහාරය ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය තරයේ හෙළා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සම්පුර්ණ නිවේදනය මෙසේ කියා සිටී....,

මැතිවරණ සුදානමක් රට තුළ පවතින අවස්ථාවක රජයට එරෙහිව නැගෙන සාමකාමී විරෝධතා මර්ධනය කිරීමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදා ගැනීම තුළින් විපක්ෂ බලවේග සහ විරුද්ධ මත බියගැන්වීමට රජය සැරසෙන බව එම සංවිධාන අවධාරණය කර සිටියි.මේ අතර ඊයේ දිනයේ කොලඹ වරාය සංකීර්ණයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට මැර ප්‍රහාර සහ තර්ජන එල්ල වු බව එම සංවිධාන පෙන්වා දී තිබේ.

සරසවි සිසුන් සහ සරසවි පාලනාධිකාරිය අතර මතුව ඇති අර්බුධ පිළිබදව මීට පෙරද ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය අවධානය යොමු කර තිබේ.විශේෂයෙන්ම වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අර්බුදය විසදීමට මැදිහත් වන ආකාරය පිළිබදව කිසිසේත්ම සෑහිමකට පත් විය නොහැකි බව ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ අදහසයි.

සරසවි සිසුන්ගේ ගැටළු වලට පිළිතුරු සෙවීම වෙනුවට සිසුන්ට පහරදීම ආදී මර්ධනකාරී වැඩපිළිවෙළකට රජය යොමුවීම කණගාටුදායක කරුණක් බවද එම සංවිධාන සදහන් කරයි.උදාහරණ ලෙස සබරගමුව සරසවි සිසුන්ට පඹහින්න ප්‍රදේශයේදී දේශපාලන හෙංචයියන් විසින් පහර දීම සහ සිසුන්ගේ අට්ටාල වලට ගිණි තැබීම ආදී කරුණු සැලකිල්ලට ගත හැකි බවද ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

තවද මීට අමතරව සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම දේශපාලනීකරණය කරමින් උපකුලපතිවරු කටයුතු කරන අවස්ථා ද බොහොමයක් පවතියි. පසුගියදා පැවති රූපවාහිනී සජීවී සංවාදයකට එක්වු උපකුලපතිවරුන් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ වත්මන් රජය සහ අධ්‍යාපන ඇමතිවරයා වෙනුවෙන් පෙනීසිටි ආකාරය දක්නට ලැබුනු අතර ඔවුන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද එම සංවිධාන අවධාරණය කර සිටියි.නමුත් විරුද්ධ මත දරණ ආචාර්ය වරුන්ට මෙම උපකුලපතිවරුන් විසින් දඩුවම් ලබාදුන් අවස්ථාද රැසක් පවතින බව ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය අවධාරණය කරයි.

රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ
CHR/ CaFFE


ඡායාරූප-INTERNET
-MMP



2014-10-22
Advertisement

Find us on Facebook