English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සදුන් මාලිංගගේ මරණයට වගකිවු යුත්තතේ කවුද? ජුලි 06 මහජන උද්ඝෝෂණය


පොලිස් පහරදීමකින් මිය ගිය බදුල්ල කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංග මරණයට පොලීසිය, අධිකරණ වෛද්‍ය නිලධාරී, මහේස්ත‍්‍රාත් හෝ බන්ධනාගාරය යන ආයතන පද්ධතියෙන් එක් ආයතනයක් හෝ නිවැරදිව කි‍්‍රයාත්මක වූයේ නම් මෙවැනි අකල් මරණයක් ඔහුට අත් නොවීමට බොහෝ විට ඉඩ නොතිබුනි.

සදුන්ගේ මරණයත් සමග තව දුරටත් තහවුරුවන්නේ ලංකාවේ නීති රකින පද්ධතියේ ඇති බරපතල කඩා වැටීමයි. මේ සම්බන්ධව මහජනයාගේත් වගකිව යුත්නගෙත් අවධානය යොමුකරවා ගැනීම සදහා උද්ඝෝෂණයක්, මහජනයා දැනුවත්කර පති‍්‍රකා බෙදාහැරීමක් හා ලංකාවේ නීතියේ කඩා වැටීම පිළිබදව මහජන මන්ත‍්‍රණ සභාවක් ජූලි 06 වන දින බදුල්ල නගරයේ දී පැවැත් වීමට කටයුතු යොදා තිබේ.

බදුල්ල තැපැල් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙන මෙම මහජන මන්ත‍්‍රණ සභාව සදහා බදුල්ල දිස්ති‍්‍රක් එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරේන් ප‍්‍රනාන්දු, දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ එම්. ඒ. සුමන්තිරන් නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, රයිට් ටු ලයිෆ් සංවිධානයේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු්, නීතිඥ ලක්ෂාන් ප‍්‍රනාන්දු, ප‍්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර යන අය අදහස් දැක්වීමට නියමිතව තිබේ.

සදුන් මාලිංගගේ මරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් පසුගියදා ගොනු කරණු ලැබීය. මෙම නඩුව මගින්, අත්තනෝමතිකව අත්තඅඩංගුවට ගැනීම, පොලිස් පහරදීම හා බොරු නඩු පැවරීම සම්බන්ධව පොලීසියට එරෙහිව චෝදනාවන් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ සදුන් මාලිංගගේ පිය පවසා සිටියේ කන්දෙකැටිය රෝහලේ වෛද්‍යවරයා, මෙහේස්ත‍්‍රාත්වරයා හෝ බන්ධනාගරය තම රාජකාරීය නිවැරදිව ඉටු කරනු ලැබුවේ නම් තම පුතාගේ මරණය මෙසේ සිදු නොවන බවත්, ඔවුන් තම රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට එරෙහිව ද කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.




2014-06-28
Advertisement

Find us on Facebook