English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඩයස්පෝරාවට අවශ්‍ය දේ කරන්නේ නෑ - ජනපති



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු නමුත් ඩයස්පෝරාවට අවශ්‍ය දේ මේ රටේ සිදුකිරීමට ඉඩතැබීමට පුළුවන්කමක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඊළමට උඩගෙඩි දෙන පිරිස් යුරෝපයට ගොස් සති දෙකකින් කොටි තහනම ඉවත් කෙරුණු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊළම බිහිකිරීමට තවමත් යුරෝපයේ මුදල් එකතු කරන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට තමාට පුළුවන්කමක් නොමැති බව පැවැසීය.
 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පිරිවෙන් ගුරුවරුන් සමඟ අරලියගහ මන්දිරයේ දී (17) පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි. පිරිවෙන් අධ්‍යාපන පුනර්ජීවන 2014- 2015 තේමාව ඔස්සේ මෙය සංවිධාන කර තිබිණි.

උපුටා ගැනීම - ඒෂියන්  මිරර්
-MMP



2014-10-17
Advertisement

Find us on Facebook