English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.

"මෙය, නීතියට උඩින් ක‍්‍රියාකරන රාජපක්‍ෂ බලපෑමක්. නීතිපති, නීතියට නොව රාජපක්‍ෂ හඬට කන්දීලා" යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ බලපෑම මත , නීතිපති දෙපාර්තමෙින්තුවේ උපදෙස් අනුව, ඡන්දදායක ලැයිස්තුවෙන් තමන්ගේ නම ඉවත් කිරිමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගත් බව සරත් ෆොන්සේකා අද(17) පැවති මාධ්‍ය හමුවේදි ප‍්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කර ඇත්තේ 2014 ඡන්ද හිමි නාමලේඛණයට සරත් ෆොන්සේකාගේ නම ඇතුලත් නොකෙරෙන බවය.

මේ අනුව, ඉදිරියේ දි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමන් තරග වැදීම වැළැක්විමට ගනු ලැබු එක් පියවරක් ලෙසට මෙම පහත් ක‍්‍රියාව තමන් තේරුම් ගන්නා බවත් එය නීති විරෝධි ක‍්‍රියාවක් බවත් ජනරාල් ෆොන්සේකා මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේය.

තමාට නියම කෙරුණ සිර දඬුවම සම්පුර්ණයෙන් ම ගෙවා නැති හෙයින් ඡන්දය පාවිච්චි කිරීමට අයිතියක් ඇති බව එදා, පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණ සමයේ දී මැතිවරණ කොමසාරිස්වරයා තමා සමඟ පැවසූ බව සිහිපත් කරන ජනරාල් සරත් ෆොන්සේකා,දැන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔහු එම තීරණය වෙනස් කර ඇති බවයි ජනරාල් ෆොන්සේකා කියා සිටින්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දි තමන් පොදු අපේක්‍ෂකයා ලෙස හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වේවි යැයි යන බිය නිසා, ජනාධිපතිවරයාගේ උවමනාවට අනුව තමන් පිළිබඳව මෙවැනි තීන්දුවක් ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගත්තේ යැයි මාධ්‍ය හමුවේදි ජනරාල් ෆොන්සේකා පැවසීය. 

එහෙත්, මෙවැනි ක‍්‍රියාවන් හමුවේ තමන්වත් තම දේශපාලන පක්‍ෂයවත් කිසිම ආකාරයකින් පසුනොබසින බවත් ඉදිරි ජනාධිපතිවරණයේදි අපේක්‍ෂකයෙකු ලෙසට තරග කරන මහින්ද රාජපක්‍ෂව කෙසේ හෝ පරාජය කරවන බවත් අවධාරණය කළේය.

කෙසේහෝ, 2014 ඡන්දහිමි නාමලේඛණයෙන් සරත් ෆොන්සේකාගේ නම ඉවත් කළහොත් ඉදිරි මැතිවරණ වලදී ඡන්ය භාවිතා කිරීමේ සහ ඡන්දය ඉල්ලිමේ අයිතිය ඔහුට අහිමි වනු ඇත.

ඡායාරූපය - Internet
-MMP




2014-10-17
Advertisement

Find us on Facebook