English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


එතුමාගේ අවසාන කාර්යය ජනරාල්ගේ නම කපා දැමීම ලූ !


"නීතිමය උපදෙස් තවම ලැබී නැත" යනුවෙන් තමන් විසින් මව් භාෂාවෙන් ලේඛනය කළ පොතක් එළිදක්වමින් නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතා 15 වෙනි දා විශ‍්‍රාම ගියේය. විශ‍්‍රාම යන මොහොතෙත් නිකම්ම නොගොස් ඉතාම අනර්ඝ වැඩක් කර ගොස් ඇතැයි  අතන මෙතන ඇතැම් පිරිස් කියති.

ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂයේ නායක මෙන්ම හිටපු යුධ හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම 2014 ඡන්ද නාම ලේඛණයෙන් ඉවත්කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමසාරිස්වරයාට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. 

පසුගිය වසරේ පැවති බස්නාහිර පළාත් සභා ඡන්දයේදි 2013 ඡන්ද නාම ලේඛනයට අනුව කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානයකදි තමන් ඡන්දය භාවිතා කළේ යැයි සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය.

2013 දි ඡන්දය භාවිතා කළ ෆොන්සේකා මහතා හට 2014 දි ඡන්දය භාවිතා කරන්නට නොදෙන්නේ කුමක් නිසාද යන ප‍්‍රශ්නයට පිළිතුර වර්තමාන සමාජය තුළම පැහැදිළිව දකින්නට ඇතැයි ඇතැම් පිරිස් කියති.

අප ජීවත් වන්නේ නිර්මල බුදු දහමින් පොහොසත් රටක යැයි ද ඔවිහු කියති.

-MMP




2014-10-17
Advertisement

Find us on Facebook