English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   

ජිනීවා ශී‍්‍ර ලංකාණ්ඩුවෙන් අහපු ප‍්‍රශ්න අතින් පයින් දුන් උත්තර
ජිනීවා ශී‍්‍ර ලංකාණ්ඩුවෙන් අහපු ප‍්‍රශ්න අතින් පයින් දුන් උත්තර - See more at: http://ravaya.lk/?p=4535#sthash.VpxSgY1u.dpuf

මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ් ලා ශී‍්‍ර ලංකාණ්ඩුව ජිනීවාහිදී මුහුණ දෙන අභියෝගයේ තරම දැක ගත හැකි වූ අපූරු අවස්ථා ගණනාවක් පසුගිය දා දැක ගන්නට හැකි විය. එනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 112 වැනි සැසි වාරය යි. ජීනිවාහි දී මානව හිමිකම් කමිටුව හමුවෙහි නගන ලද ප‍්‍රශ්න හමුවෙහි ශී‍්‍ර ලංකා තානාපති වචනවලින් හරඹ කරත්දී ශී‍්‍ර ලංකාණ්ඩුව රටෙහි දී අතින් පයින් පිළිතුරු දෙමින් සිටියේ ය.

ශී‍්‍ර ලංකා තානාපති ආරියසිංහ සිය අවසාන කරුණු දැක්වීම අවසන් කළේ ජිනීවා වේලාවෙන් පස්වරු එකට ය. එනම් ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් සවස හතරයි තිහට ය. ජිනීවාහි දී තානාපති ආරියසිංහ මානව හිමිකම් තහවුරු කිරීමෙහි ලා ශී‍්‍ර ලංකාණ්ඩුවේ කැපවීම ගැන සහතික පිට සහතික දෙමින් සිටියේ ය. එම අවස්ථාවේදී ම ශී‍්‍ර ලංකාවෙහි රාජ්‍ය අනුග‍්‍රහය හය සහිත නිලලත් මැර කණ්ඩායමක් වව්නියාව පුරවැසි කමිටුවේ සභාපති ජී. තවරාජා මහතා සිය නිවෙස කරා යතුරු පැදියෙන් පැමිණෙන තුරු මඟ රැුක සිටියේ ඔහුට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට ය. යතුරු පැදි දෙකකින් ඔහු හඹා ගිය මැර කණ්ඩායම තවරාජාට දරුණු ලෙස පහර දෙමින් තර්ජනය කළේ අත් අඩංගුවෙහි සිටින බාලෙන්ද්‍රා ජයකුමාරි නිදහස් කරන ලෙස ඉල්ලා කරන්නට නියමිත උද්ඝෝෂණය නතර නොකළ හොත් ඔහු මරා දමන බව ය.

මානව හිමිකම් කමිටුව ශී‍්‍ර ලංකාව පිළිබඳ සිය විමර්ශනය ආම්භ කිරීමට දෙදිනකට පෙර නීත්‍යනුුකූල වීසා බලපත‍්‍රයක් ඇතිව ස්විට්සර්ලන්තය බලා ඒමට ගුවන් තොටට ගිය දෙමළ කාන්තාවක වූ කජිපන් ශර්මිලා නතර කොට කෙටි අත්අඩංගුවක රඳවා ගත් ආණ්ඩුව ඇයට රටින් පිට වීමට අවසර දුන්නේ නැත. ඊට හේතුව වූයේ ඇය යුද හමුදාව විසින් එල්ටීටීඊ නායකයකු යැයි චෝදනා කොට මරා දමන ලද ගෝපි හෙවත් සෙල්වනායගම් කජිපන්ගේ බිරිඳ වීම ය. ඇයට විරුද්ධව ඒ තාක් කිසිදු චෝදනාවක් නඟා තිබුණේ ද නැත. ඇයට රටින් බැහැර වීමට නොහැකි යැයි අධිකරණ තීන්දුවක් පොලීසිය ලබා ගෙන තිබුණේ ද නැත. එසේ නමුත් ඇය රටින් බැහැර විම නතර කරන ලදි.

එක්සත් ජාතීන් හමුවෙහි ශී‍්‍ර ලංකාණ්ඩුව දෙන පොරොන්දු සම්බන්ධයෙන් කිසිම තැකීමක් එහි මර්දනකාරී හස්තය වන ආරක්ෂක අමාත්‍යාංශයට නැත. 2014 මාර්තු මාසයේ දී ජිනීවා මානව හිමිකම් කමිටුව ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් යෝජනා කිරීමට නියමිතව තිබියදී ප‍්‍රධාන පෙළේ මානව හිමිකම් කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු වූ රුකී ප‍්‍රනාන්දු සහ ප‍්‍රවීන් මහේසන් පියතුමා අත්අඩංගුවට ගැනීිම ද එවැනිම අවස්ථාවක් විය. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ අතුරුදන්කිරිම් විරෝධි ව්‍යාපාරයේ කි‍්‍රයාකාරිනියක වූ බාලේන්ද්‍රා ජයකුමාරි අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරු ගවේෂණයකට ගිය අවස්ථාවේදී ය. ඔවුන් දෙදෙනාට එරෙහිව පනවන ලද තහංචි කිසිදු නඩු විභාගයකින් තොරව සය මසක් ඉකුත්වීමෙන් පසුව ද එලෙසම තිබේ.

මානව හිමිකම් කමිටුවේ ශී‍්‍ර ලංකා විමර්ශනය අතරතුර අවස්ථාවක දී තානාපති ආරියසිංහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කි මූන් විසින් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් පත්කරන ලද විද්වත් කමිටුවේ වාර්තාවට ලොකු සහ දීර්ඝ ප‍්‍රහාරයක් එල්ල කළේ ය. එම වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වාර්තාවක් නොවන බැවින් එය උපුටා දැක්වීමට ශී‍්‍ර ලංකාව විරුද්ධ බව ඔහු කිවේ කමිටුවේ සමහර විශේෂඥයන් එය උපුටා දැක්වීම පිළිගත නොහැකි බව ද කියමිනි.

කමිටුවේ සභාපතිවරයා වහාම එයට පිළිතුරු දෙමින් කීවේ සිය කමිටු සාමාජිකයන් හසළ දැනුමක් ඇති අය බවත් පාවිච්චි කළ යුත්තේ කුමන ලිපි ලේඛන ද යන්න සම්බන්ධයෙන් ඔවුන්ට මනා දැනුමක් ඇති බවත් ය. එබැවින් එවැනි කරුණු සම්බන්ධයෙන් කාලය නාස්ති කරන්නේ නැතිව දත්ත සහ කරුණු ඉදිරිපත් කරමින් ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන ලෙස ඔහු තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

පසුගිය හත්වැනිදා සහ අටවැනිදා ජිනීවාහි පලේ දි විල්සන් ගොඩනැගිල්ලේ මුළුදුන් එම රැුස්වීමේදී ශී‍්‍ර ලංකාණ්ඩුව වෙත පිළිතුරු දිමට දුෂ්කර ප‍්‍රශ්න මාලාවක් ම ඉදිරිපත් විය. එම ප‍්‍රශ්න ඉදිරිපත් කරන ලද්දේ මානව හිමිකම් කමිටුවේ සාමාජිකයන් වන විශේඥයන් විසිනි.

තානාපති ආරියසිංහ සිය ප‍්‍රථම අදහස් ඉදිරිපත් කිරීමේ දී සමහර විට වැඩිම කාලයක් ගත් එක් මැයක් වූයේ ශී‍්‍ර ලංකාවේ ජනමාධ්‍ය නිදහස සහමුලින්ම වාගේ ස්ථාපිත කර ඇති බවට කරුණු දැක්වීමට ය. ශී‍්‍ර ලංකාවේ ජනමාධ්‍ය කිසිදු බියකින් තොරව වාර්තාකරණයේ යෙදෙන අතර රටෙහි ජනමාධ්‍ය භූමිකාව මහත් විවිධත්වයෙන් යුතු වර්ණවත් එකක් බවටත් ඔහු තර්ක කළේ ය. ඔහු කියා සිටියේ රජයට අයත් ජනමාධ්‍ය සුළුතරයක් බවත් බහුතරය වන පුද්ගලික අංශයේ ජනමාධ්‍ය සහමුලින්ම රජයෙන් ස්වාධීන සහ නිදහස් බවත් ය.

ඔහු අමතක කළ එක් ප‍්‍රධාන කරුණක් වූයේ රජයට අයත් ජනමාධ්‍ය සහමුලින්ම රජයේ දේශපාලන ආධිපත්‍යයට නතුව ඒවායේ මහජන සේවා අරමුණින් සහමුලින්ම බැහැර වී සිටින බවයි. රජය විසින් ජනමාධ්‍ය පාලනය කිරීම ම මානව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට විරුද්ධ බව ශී‍්‍ර ලංකාණ්ඩුව අමතක කර තිබුණි. ආණ්ඩුව වෙනුවෙන් කතා කළ එක් උසස් නිලධාරියකු කියා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු ජනමාධ්‍ය වාරණයක් පනවා නැති බවයි. යුද පුවත් වාර්තා කිරීමට පෙර ජාතික ආරක්ෂාව සඳහා මාධ්‍ය මධ්‍යස්ථානයෙන් අවසර ගත යුතු බවට නීතියක් පැනවී තිබූ බව ඔහුට අමතක වී තිබුණි. එපමණක් නොව අලූත්ගම මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයෙන් පසු පුවත් වාරණය කරන සේ ලිඛිත ඉල්ලීමක් කළ බව ද ඔහුට අමතක වී තිබුණි.

සිය තානාපති සගයකු වූ කි‍්‍රස් නොනිස්ට නිව්යෝක් නගරයේ දී ජනාධිපති උපදේශකයකු විසින් පහරදීමත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය විසින් එම පහරදීමේ පුවත වාරණය කළ අන්දමත් ඕනෑම තානාපතිවරයකුට මානව හිමිකම් සහ ජනමාධ්‍ය නිදහසේ පාඩමක් විය හැකි නමුත් කනගාටුවකට මෙන් ඔවුන්ට සිදුව ඇත්තේ එක්සත් ජාතීන් හමුවෙහි බොරු ඇත්ත කිරීමට ප‍්‍රයත්න දැරීමට ය.

ශී‍්‍ර ලංකාණ්ඩුව විසින් පුවත් වෙබ් අඩවි වාරණය කර ඇත්තේ කුමන නීතියක් යටතේද යන්නටත් එවැනි වාරණයක් බලාත්මක කිරීම පිණිස තීරණය කළ හැකි ස්වාධීන අධිකරණ පටිපාටියක් ඇත් ද යන්නටත් ආණ්ඩුවේ කණ්ඩායම පිළිතුරු දුන්නේ නැත.

මානව හිමිකම් කමිටුවේ සාමාජිකයන් යළි යළි අසන ලද ප‍්‍රශ්නයක් දෙකක් වූයේ 18 වන සංශෝධනය විසින් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමත් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම මගින් අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසීම පිළිබඳ ප‍්‍රයත්නයත් ය.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සහ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, එජාප දේශපාලනඥ දයා ගමගේට අයත් සෙවණගල සීනි කර්මාන්ත ශාලාව පවරා ගැනීම, සරත් ෆොන්සේකාට එරෙහිව දේශපාලන යැයි පෙනී යන හේතු මත නඩු පැවරීම යනාදී ප‍්‍රශ්න ද කමිටුව විසින් මත කරන ලදි. දයා ගමගේට අයත් කර්මාන්ත ශාලාව පවරා ගැනීම සම්බන්ධයෙන් අසන ලද වැදගත් ප‍්‍රශ්නයක්ද වූයේ එවැනි පවරා ගැනීිම් සඳහා නිශ්චිත මිනුම් තිබේද යනු ය.

යුද්ධය අවසාන වීමෙන් පසුත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම පවත්වා ගැනීම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තියට පටහැනි බව කමිටුව නැවත නැවත පෙන්වා දුන්නේ ය. සිරකරුවන්ගේ අයිතිවාසිකම් සහ බන්ධනාගාරයන්හි ඇති තදබදය, ජනමාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂකයන්ට කැරෙන ප‍්‍රහාර, ස්තී‍්‍ර අයිතිවාසිකම්, පුළුල්ව පැතිරුණු වධහිංසා පැමිණවීමේ පොලිස් භාවිතය යනාදී වශයෙන් වූ පුළුල් පරාසයක ප‍්‍රශ්න ශී‍්‍ර ලංකාණ්ඩුව හමුවෙහි ඉදිරිපත් කරන ලදි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් ශී‍්‍ර ලංකාණ්ඩුවේ නියෝජිතයන්ගෙන් මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ හාරහාරා ප‍්‍රශ්න ඇසීම නිරීක්ෂණය කිරීම ම වුව අයිතීන් වෙනුවෙන් අරගල කිරීමට දිරියක් සපයයි. ශී‍්‍ර ලංකාවෙහි දී සිවිල් සමාජ උද්ඝෝෂණයන්ට පහර දෙන, ජනමාධ්‍ය වැඩමුළු යුද හමුදා තර්ජනයෙන් කඩාකප්පල් කරන, මැතිවරණ අවස්ථාවන්හිදි විපාක්ෂික දේශපාලන පක්ෂයන්ට පහර දෙන, රාජ්‍ය නොවන සංවිධාන පාලනයට දරදඬු නීති ගෙනෙන රාජපක්ෂ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවෙහි ‘අනේ අප නම් එවැනි නරක වැඩ කරන්නේ නැතැයි’ කියා බයාදු වන තරමේ ලැජ්ජා නැති තත්වයකට පත්වීම විසින් පෙන්නුම් කරන්නේ ද මෙවැනි යාන්ත‍්‍රණයන්ගේ බලය සහ වැදගත්කමයි.

මානව හිමිකම් රැුක ගැනීමේ සිවිල් සමාජ දෘෂ්ටි කෝණයෙන් කනගාටුවට කාරණයක් ද තිබුණි. එනම් සිය මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මෙම මාහැඟි යාන්ත‍්‍රණය හමුවේ නිශ්චිත කරුණු පැහැදිලිව දැක්වීමට ශී‍්‍ර ලංකාවේ බොහෝ සමාජ දේශපාලන කණ්ඩායම් අසමත් වී තිබීමයි. විශේෂයෙන්ම කැපී පෙනුණු ක්ෂේත‍්‍රයක් වූයේ ශිෂ්‍ය සහ අධ්‍යාපන අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්න කිසිවක් නොනැගීම යි. කඳුරට දෙමළ ජනයාගේ මානව හිමිකම් සම්බන්ධයෙන් එකුදු වාර්තාවක් හෝ නොතිබුණු අතර කවර හෝ ප‍්‍රශ්නයක් මතු වූයේ ද නැත. වෘත්තීය සමිති ක්ෂේත‍්‍රය සහමුලින්ම අතහැරී තිබුණි.

ඒ කෙසේ වෙතත් කමිටුවේ ප‍්‍රශ්න කිරීම් විසින් පෙන්නුම් කෙරුණේ ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අරභයා ඔවුන් සතු දැනුම ඉහළ මට්ටමක පවතින බව ය. ඒ අනුව දෙසතියක් තුළ දී නිකුත් කෙරෙනු ඇති කමිටුවේ වාර්තාව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් රැුකගැනීමේ ලා වැදගත් මෙහෙවරක් බවට පත්වනු ඇති බව නිසැක ය.

සුනන්ද දේශප‍්‍රිය

- See more at: http://ravaya.lk/?p=4535#sthash.VpxSgY1u.dpuf

2014-10-16
Advertisement

Find us on Facebook