English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ශ‍්‍රි ලංකාව නීතියේ ආධිපත්‍ය නැති රටක් ලෙස ඉදිරියටම !
මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය අතින් ඉහළම රටක් ලෙසට ශ‍්‍රී ලංකාව සතරවන ස්ථානයේ පිහිටනවා මෙන්ම රටෙහි නීතිය නිසිලෙස ක‍්‍රියාත්මක නොකරන රටවල් අතරින් ද, වැරදිකරුවන්ට දඬුවම් නොකරන රටවල් අතරින්ද ශ‍්‍රි ලංකාව හතරවන (04) ස්ථානයේ සිටින බව ඉන්සයිඞ් ශ‍්‍රී ලංකා පුවත් සේවය වාර්තා කළේය.

ඉන්සයිඞ් ශී‍්‍ර ලංකා පුවත් වැඩසටහනෙහි ශානක ද සිල්වා ට අනුව, 'මතට තිත' තිතට ක‍්‍රියාත්මක කරමින් ලෝකයේ සිව්වැනි ස්ථානයට පත්වන්නට රාජපක්‍ෂ ජනාධිපතිගේ මහින්ද චින්තනය ක‍්‍රියාත්මක වී තිබෙන ආකාරයත්, රට ගැන, ජාතිය ගැන සම්බුද්ධ සාශනය ගැන හැඟීමක් දැනීමක් තිබෙන සවිඥ්ඥානාත්මක බවක් තිබෙන සියලූම දෙනාට රට ගමන්කරමින් තිබෙන දිශාව ගැනත් පෙනෙනවා.

මත්ද්‍රව්‍ය මත්පැන්වලින් ශ‍්‍රි ලංකාව ලෝකයේ ඉදිරියටම පැමිණෙනවා. දඬුවම් ලබා නොදීම අතින් හා නීතියේ ආධිපත්‍ය නැති රටවල් අතරින් ඉදිරියටම එනවා. මෙය තමයි රටේ සැබෑ යථාර්තය. අප තේරුම්ගත යුතු යාථාර්තය.” යැයි ඔහු පැවසිය.

'ජිනීවා අර්බුදය වැනි ප‍්‍රශ්නවලින් ශ‍්‍රී ලංකාව අපකීර්තිමත් මෙන්ම අභාග්‍යසම්පන්න තත්ත්වයකට ගමන්කරමිනුයි සිටින්නේ,  මේ තත්ත්වය නිවරැදි කරගන්නට නම් වහාම සිවිල් ජනතාව පෙළ ගැසිය යුතුයි. මේ වන විට කතාබහක් පවතිනවා 2015 ජනවාරි මාසේදි ජනාධිපතිවරණයක් පිළිබඳව. ඉතිං මේක හොඳ අවස්ථාවක් රාජපක්‍ෂ පවුල් වාදය, රාජපක්‍ෂ පාලනය පලවා හැරලා, රටට වැඩදායි නව පාලනයක් ශ‍්‍රි ලංකාවට යළි ගෙනෙන්න. ඔබටත්, ඔබේ දරුවන්ටත් ඉදිරි පරම්පරාවටත් යහපත් හෙටක් උදාකරගන්නට මේ රාජපක්‍ෂ පාලනය පලවා හැරිය යුතුයි. ඒ සඳහා එක්වීමට, ඒ සඳහා කැපවීමට දැන් කාලය එළඹී තිබෙනවා.” යැයි ද ඔහු පැවසීය.

'රාජපක්‍ෂ රෙජීමය ඔබෙන් වසන් කරන සත්‍යය ඔබ හමුවේ නිරාවරණය කරන ඉන්සයිඞ් ශ‍්‍රී ලංකාහි තෙවන වැඩසටහන” යන රූපවාහිනි වැඩසටහන ඉදිරිපත් කරමින් ශානක ද සිල්වා මෙසේ ප‍්‍රකාශ කළේය.




2014-06-28
Advertisement

Find us on Facebook