English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යළිත් කරළියට !

"වරද හා ආකාර්යක්‍ෂමතාව" පිළගත් තැනැත්තෙකු, නැවත වරක්, රටක වගකීමෙන් ඉහළම තනතුරකට පත්කිරීම කෙතරම් බුද්ධිමත් හා සාදාචාර සම්පන්න ක‍්‍රියාවක් ද ?  

කටුණායක නිදහස් වෙළෙඳ කළාපයේ එවකට පැවති සාමකාමි උද්ඝෝෂණයකට පොලිසිය විසින් වෙඩි තැබීමේ වගකීම ද එහිදි රොෂේන් ශානක නම් වු තරුණයා තුවාල ලබා පසුව මියයෑමේ වගකීම ද භාරගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වු හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය නුදුරු අනාගතයේදි නීතිය හා සාමය  පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් පදවියට පත්කිරීමට ආණ්ඩුව සුදානම් වන බවට ඇතැම් ජනමාධ්‍ය වාර්තා කරයි.

සාමකාමී උද්ඝෝෂණයකට මැරෙන තරමේ ප‍්‍රහාර එල්ල කරමින් සිය වරද හා ආකාර්යක්‍ෂමතාවය ප‍්‍රසිද්ධියේ පිළිගත් රජයේ නිළධාරියෙකුව නැවත වරක් රටේ ඉහළම වගකීමක් දැරීම සඳහා පත්කිරිමට කල්පනා කිරීම ම සහා එවැනි ආරාධනාවක් ලදහොත් එය භාරගැනීම ම කෙතරම් .......... ක‍්‍රියාවක් ද ?

සිය වරද හා ආකාර්යක්‍ෂමතාවය ප‍්‍රසිද්ධියේ පිළිගත් පුද්ගලයෙකු පොලිසිය භාර අමාත්‍යංශයේ ඉහළම නිළධාරියා ලෙසින් පත්කිරීමට සුදානම් වීම ළඟ එන මැතිවරණයකට ආණ්ඩුවේ සුදානමක් ලෙසට නීතිවේදි එකමුතුව විග‍්‍රහා කරයි.

නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා පෙර කාලයේදි සිටියේ සිවිල් සේවකයෝ ය කියා ප‍්‍රකාශ කරන නීතිවේදි එකමුතුව, ගතව ගිය මැතිවරණවලදී කටයුතු කළ ආකාරයට,  එළඹෙන මැතිවරණයකදීත් ආණ්ඩුවට රැුකවරණය ලැබෙන ආකාරයට පොලීසිය මෙහෙයවීම සඳහා හිටපු පොලිස්පතිවරයා පොලිසිය භාරව පත්කිරිමට සුදානම්වන්නේ යැයි බීබීසි සංදේශයට ප‍්‍රකාශකර ඇත.

මේ දිනවල සෑම දෙයක්ම සිදුකෙරෙන්නේ ජනාධිපති මැතිවරණය එල්ල කරගෙන බවත් වරදක් කොට ඉල්ලා අස්වු පුද්ගලයෙකු එම ආයතනයේ ම තවත් ඉහළ තනතුරකට පත්කිරීම විග‍්‍රහා කරන්නේ අබුද්දස්ස කාලේ සිදුවන ක‍්‍රියාවක් ලෙස යැයි නීතිවේදි එකමුතුවේ සම ප‍්‍රකාශකවරයෙකු වන නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මහතා සංදේශයට පවසා ඇත.

-MMP





2014-10-16
Advertisement

Find us on Facebook