English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


උතුරු පළාතේ සංවර්ධනයට බාධාව "අපි නොවෙයි"

උතුරු පළාතේ සංවර්ධනය සඳහා යොදවා ඇති මහා ධනස්කන්ධයෙන් නිසි ලෙස ප‍්‍රයෝජනයක් ගෙන නොමැති බවත් සංවර්ධන කටයුතු නිසි ලෙස දියත්වී නැති බවත් ඒවාට අවහිර කරන බවත් ජනාධිපති රාජපක්‍ෂ මහතා පසුගිය දිනවලදී උතුරේ සිදුකළ සිය තෙදින සංචාරය අවස්ථාවේදි ප‍්‍රකාශ කළේය. මෙම චෝදනාවම මීට ඉහතදී ආර්ථික සංවර්ධන කටයුතු භාර අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ද උතුරේ සිදුකළ සංචාරයක් අවස්ථාවේදි ඉදිරිපත් කළේය. එහෙත්,  එසේ චෝදනා ගෙනෙන ඒ සංවර්ධන කටයුතු සිදුනොකිරීමට බාධාව තමන් නොවන බව දෙමළ ජාතික සන්ධානය පැවසුවේය.

මධ්‍යම ආණ්ඩුව ප‍්‍රචාරය කරන පරිදි උතුරු පළාත් සභාවට ප‍්‍රමාණවත් තරම් මුදල් ප‍්‍රතිපාදන ලබාදී නොමැති බවත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පළාත් සභා නියෝජිතයින් නොසළකා හරිමින් මධ්‍යම ආණ්ඩුවේ නිළධාරීන් ක‍්‍රියා කරන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥාණම්  පවසයි.

කිළිනොච්චි නගරයේදි ජනතාව අමතමින් ජනාධිපති රජාපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේ, උතුරු පළාත් සභාවට පත්වු පිරිස තමන්ට වැඩ කිරීමට නොදී බාධා එල්ලකරන අතරතුර ඔවුන් රජයෙන් වෙන් කරන ලද මුදල්වලින් ජනතාවට ද සේවයක් නොකරන බවයි.

කෙසේවෙතත්, උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ඇතුළු දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රිවරු ජනාධිපතිවරයාගේ උතුරු නිල සංචාරය වර්ජනය කළේය.

-MMP




2014-10-16
Advertisement

Find us on Facebook