English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තීන්දු නැති නඩු ගොඩක් !

විනිසුරුවරයෙකු නොමැති බව පවසමින් තමන්ගේ නඩු මාස ගණන් කල්දැමෙන බව වවිනියාව මහාධිකරණයේ දී ඇසීමට නියමිත නඩු සඳහා දිනපතා පැමිණෙන ජනතාවගෙන් අසන්නට ලැබෙන බව වවිනියාවෙන් වාර්තා වෙයි.

මාස දෙකකට අධික කාලයක් තිස්සේ විනිසුරුවරයෙකු නොමැති විම හේතුවෙන් වවිනියාව මහාධිකරණයේ  නඩු සමිබන්ධ සියලුම කටයුතු අඩපණ වි ඇතැයි සඳහන් කරයි.

මහාධිකරණයේ හිටපු විනිසුරුවරයා මාරුවියාමෙන් පසුව නව පත්විමක් මෙතක් සිදුකර නොමැතිවිම, මෙසේ ප‍්‍රශ්න උද්ගත විමට හේතුව බව යැයි වවිනියාව නීතිඥ සංගමයේ සභාපති ඉලංගෝ දයාබරන් මහතාගෙන් විමසු විට ප‍්‍රකාශකර ඇත.

මෙම අවශ්‍යතාවය පිළිබඳව අධිකරණ සේවා කොමිසමට දැනුමිදුන් විට, ජනාධිපතිවරයා විසින් නව විනිසුරුවරයෙකු පත්කරන තුරු මෙම තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි කොමිසමෙි නිළධාරීන් ප‍්‍රකාශකළේ යැයි දයාබරන් නිතීඥ මහතා සඳහන්කර ඇත.

ප‍්‍රශ්නය එසේවන කළ, වවිනියාව මහාධිකරණයට නව විනිසුරුවරයෙක් ද සමස්ත ලංකාවට ම නව නීතිපතිවරයෙක් ද පත්කරන්නට ජනාධිපතිවරයාට දැන් සිදුවෙයි!

-MMP



2014-10-15
Advertisement

Find us on Facebook