English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


එතුමා විශ‍්‍රාම ගියාලූ !

"නීතිමය උපදෙස් තවම ලැබී නැත" යනුවෙන් සටහන්කර , එය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත පත්කර අද එනම් ඔක්තෝම්බර් 15 වෙනිදා එතුමා විශ‍්‍රාම ගියේ යැයි රජයේ තොරතුරු අමතා්‍යංශයේ වෙබ් අඩවිය වාර්තා කරයි. 

සිය විශ‍්‍රාම ගැනීම නිමිතිකොට ගෙන අරලිය ගහ මන්දිරයේදි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසෙමින් තමන් විසින් කෙටුම්පත් කරන ලද නවතම කෘති දෙකක් වු ”නීතිමය උපදෙස් තවම ලැබී නැත” සහ  ඉංග‍්‍රිසි භාෂාවෙන් නිමවු  "Selected Essys on Criminal Law of Sri Lanka" යන කෘතී දෙක ජනාධිපති වෙත පිළිගන්වමින් නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතා සමුගත් බව තොරතුරු අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අවස්ථාව සනිටුහන් කරමින් ගෙන ඇති මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ නම්, නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතාගේ විශ‍්‍රාම ගැනීම පිළිබඳව නැතහොත් එම නීතිපති ධුරය හැරයෑම පිළිබඳව ජනාධිපතිවරයාගේ කිසිඳුු කැමැත්තක් සතුටක් නැති බවක්ය. ඒ නීතිපතිතුමා එතුමාගේ රාජකාරිය මේ සා මහත් කාලයක් තුළදි නිසි ලෙස අකුරුට ඉටුකර ඇති නිසා ද ? එතුමා වැනි කෙනෙකු විශ‍්‍රාම යෑම ආණ්ඩුවට මහත් පාඩුවක් වන නිසා ද ?

එහෙත් ඇතැම් දෙනෙක් පවසන්නේ නම්, නීිතිපතිවරයා විසින් ඉටුකළ යුතු වගකීම් නිසි ලෙස ඉටු නොවී ඇති අතර නඩු පැවරූ නැති කේස් එපමණට ඇති බවත් චෝදනා රහිතව නිකරුණේ සැකපිට තැන තැන රඳවාගෙන, සිරකරගෙන සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාවද මේ වන විට අධික යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරන බවයි.

ඡායාරූපය -  තොරතුරු අමාත්‍යංශය
-MMP





2014-10-15
Advertisement

Find us on Facebook