English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


උතුරට අවසරය නැත්නම් බැහැ !

උතුරු පළාතේ සංචාරය සඳහා යන  ඕනෑම විදේශිකයෙකු මෙන්ම විදේශ සංවිධානයක් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ අවසරය සහිතව ගමන්කළ යුතු යැයි රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන මධ්‍යස්ථානය විසින් අද (ඔක්තෝම්බර් 15) නිකුත් කළ නිවේදනයට අනුව, රටෙහි ජාතික ආරක්‍ෂාවට, විශේෂයෙන්ම උතුරු පළාතට එල්ලවිය හැකි අනවශ්‍ය බලපෑම් මඟහරවා ගැනීම සඳහා පියවර ගැනීම ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන මධ්‍යස්ථානයේ වගකීමක් වෙයි.

ඒ අනුව, උතුරු පළාත තුළ සංචාරය කිරීමට අපේක්‍ෂාකරනු ලබන  ඕනෑම විදේශිය ජාතිකයෙකු මෙන්ම විදේශ සංවිධානයක් තමන් උතුරු පළාතේ සංචාරය කිරීමේ හේතුව,  අරමුණ සඳහන්කර ලිඛිත දැනුම්දීමක් කළ යුතු බවත් , අවසර සහිතව ගමන්කළ යුතු බවත් , එම දැනුම්දීම ලිපියක් හෝ ෆැක්ස් මගින් රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන මධ්‍යස්ථානය වෙතට යොමුකළ හැකි බවත් දන්වා සිටියි.


ලේඛම්, රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන මධ්‍යස්ථානය, අවධානය - යුධ හමුදා ලයිසන් නිළධාරි, 15/5 , බාලදක්‍ෂ මාවත, කොළඹ 03. 

ෆැක්ස්  - 94112328109  යන ලිපිනයට තැපැල් මගින් හෝ ෆැක්ස් මගින් සිය ලිඛිත ඉල්ලිම යොමු කළ හැක.

 

පිංතූර - අන්තර්ජාලයෙන් 
-MMP



2014-10-15
Advertisement

Find us on Facebook