English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විශ්ව විද්‍යාලීය අර්බුද වෙනුවෙන් බැනර් පෙත්සමක් !

වර්තමාන ආණ්ඩුවේ අදුරදර්ශි ක‍්‍රියාකලාපය හේතුවෙන් ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියම අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දී ඇති බවත් ඒ නිසාම විවෘත විශ්ව විද්‍යාලයේද දැඩි අර්බුදකාරි තත්ත්වයක් හටගෙන ඇතිබවත් විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු අමිල සඳරුවන් පැවසීය.
 
මෙම අර්බුදකාරි තත්ත්වයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමක් සහ එම අර්බුදවලට විරෝධය පෑමක් වශයෙන් දැවැන්ත බැනර් පෙත්සමක් අත්සන් කිරීමේ උත්සාහයක් ද අද එනම් ඔක්තෝම්බර් 14 වෙනිදා නුගේගොඩ මන්සන්ධියේදි සිදුකෙරිණි.

ශිෂ්‍ය මර්ධනය, අධ්‍යන ගාස්තු වැඩිකිරීම, ශිෂ්‍ය සංගම් අහෝසි කිරීම, යනාදි ගැටළු විවෘත විශ්ව විද්‍යාලයේ පවතින ප‍්‍රසිද්ධ අර්බුද ලෙසට පෙන්වා දුන් අමිල සඳරුවන්, ඒවා සියල්ලක්ම විසඳා ගනිමින් විශ්ව විද්‍යාල රටේ ජනතාවට උරුමකරදීම විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ එකම අභිලාෂය බව ප‍්‍රකාශ කළේය.

මෙම  දැනුවත් කිරීමේ හා විරෝධය පෑමේ පෙත්සම් ව්‍යාපාරය හෙට (15) දිනයේදි  කටුගස්තොට දී ද 16 වෙනිදා නුවරදී ද 18 වෙනිදා මාතර නූපේ හිදී ද 19 වෙනිදා මාතරදී ද පවත්වන්නට කටයුතු සැළසුම්කර ඇති බවත් ඔහු පැවසීය.


පිංතුර ලංකා ෆෝකස්
-MMP



2014-10-14
Advertisement

Find us on Facebook