English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සබරගමු සරසවි සිසුන්ට පහරදීමට ඇමතිවරයා වගකිවයුතුයි – ලංකා ගුරු සේවා සංගමය

පසුගිය දින සබරගමු සරසවි සිසුන්ගේ උපවාසයට පහරදීමත්, උපවාස අට්ටාලය ගිනිතබා විනාශ කිරීමත්, සිසුන් විශාල පිරිසකට තුවාල සිදුකිරීමත් ලංකා ගුරුසේවා සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් එයට ඇමතිවරයා සම්පූර්ණයෙන් වගකිවයුතු බවත් එම සංගමය මගින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු ඇතුළු ආණ්ඩුවේ මැරයන් පිරිසක් විසින් සිදුකළ මෙම පහරදීම සංවිධානාත්මක පහරදීමක් බවද පහර කෑමට ලක් වූ සිසුන් 10 දෙනෙකු තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීම අනුව මෙකී ප‍්‍රහාරයේ සංවිධානාත්මක බවත්, යමිකිසි අපරාධයක් කිරීමේ උත්සාහයක් තිබූ බවත් මැනවින් පෙන්නුම් කර ඇති බවද එබැවින් පොලිසිය විසින් වහාම මෙම පහරදීම සිදුකළ අපරාධකරුවන් අත්අඩංගුවට ගත යුතුව තිබුණද අපරාධකරුවන්ට ලැබෙන ආණ්ඩුවේ දේශපාලන රැකවරණ හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද කරන බවද එම සංගමය නිවේදනය මගින් කියා සිටී.

මේ සිද්ධියට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී ‘‘උපවාස කරන සිසුන්ට සලකන විදිහ මා හොඳින් දන්නවා යනුවෙන්’’උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා විසින් කළ ප‍්‍රකාශය බපරතළ එකක් බැවින් මෙම සිද්ධියට අදාළව පලමුව ඔහුගෙන් කටඋත්තරයක් ගතයුතු බවට ශී‍්‍ර ලංකා පොලිසිය වෙත අවධාරණය කරන බවත් සිද්ධියට සෘජු ලෙස අදාළ නොවන සිසුන් ඇතුළු අයගෙන් බොරුවට කට උත්තර ගනිමින් හා කල්ගත කරමින් සිද්ධිය යටගැසීමට කටයුතු නොකරන ලෙස ද ලංකා ගුරු සේවා සංගමය මෙහිදී පවසයි.

මෙම තත්වය හමුවේ සිසුන්ගේ අරගලය ජයග‍්‍රහණයෙන් අවසන් කිරීම දක්වා ශක්තිය, ධෛර්්‍ය හා ජවය ලබාදීමටත් කොන්දේසි විරහිතව ඔවුනගේ සටනට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවටත් ලංකා ගුරුසේවා සංගමය අවධාරණය කර සිටී.

උපුටා ගැනීම - ලංකා ෆෝකස්
-MMP



2014-10-14
Advertisement

Find us on Facebook