English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වසර 24කට පසු යාල් දේවි යළි සංචාරය අරඹයි !

වසර 24කට පසු යාල් දේවි යළි සංචාරය අරඹයි, ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රථම යාල් දේවී දුම්රිය මගියා වෙයි. 

අද, ඔක්තෝබර් 13වෙනිදා, පලෙයි නගරයේ දී යාපනය බලා යළි ඉදිකෙරුනු දුම්රිය මාර්ගය විවෘත කළ ජනාධිපතිවරයා, වසර 24කට පසු ගමන් අරඹන පළමු යාල් දේවි දුම්රියේ ප‍්‍රථම මඟියා ලෙසින් සිය නම සටහන් තබන ලදී.

උතුරේ තෙදින නිල සංචාරයක  යෙදෙන ජනාධිපතිවරයා අලූතින් ඉදි කරන ලද දුම්රිය ස්ථානය මෙන්ම සංඥ පද්ධතිය ද විවෘත කරන ලදි. ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, සාම්ප‍්‍රදායික හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඉන්දීය මහකොමසාරිස් වයිතකේත සිංහා ද එම අවස්ථාවට එක් වී සිටියහ.

විශ්ලේෂකයන්ට අනුව, කොළඹ සහ යාපනය අතර දුම්රිය මාර්ගය යළි ඉදි කිරීම පශ්චාත් යුද කාලීන ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව පිළිබඳ නව පියවරක් ලෙස හුවා දැක්වුවද, උතුරු පළාත් සභාවේ පාලනය හොබවන දෙමළ ජාතික සංධානය ජනාධිපතිවරයාගේ සංචාරය වර්ජනය කළ බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි. 


නදිෂානි මාලිංගා
ඡයාරූප අන්තර්ජාලයෙන්




2014-10-13
Advertisement

Find us on Facebook